LATEST ARTICLES

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට පෙත්සමක්

0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාගෙන් ඉල්ලා පෙත්සමක් අත්සන් කර තිබේ. අඟහරුවාදා (ඔක්තෝබර් 20) පැවති රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන්ගේ අත්සන සඳහා වූ පෙත්සම රජයේ ප්‍රධාන සංවිධායක කාර්යාල කාර්ය මණ්ඩලය විසින් බෙදා හරින ලදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොපැමිණි අතර එහි සභාපතිත්වය දැරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි. “රජයේ ප්‍රධාන සංවිධායක කාර්යාල කාර්ය මණ්ඩලය...

20 සංශෝධනය සම්බන්ධයෙන් හිටපු ජනපතිගෙන් ගෝඨාභයට ලිපියක්

0

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන‍ය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පිළිබඳ පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා සිය ලිපියෙන් අවධාරණය කරන්නේ හෘදසාක්ෂියකට එකඟව තමන්ට 20 වැනි සංශෝධනය සඳහා පක්ෂ විය නොහැකි බවයි. හිටපු ජනාධිපතිවරයා ලෙස තමා 19 වැනි සංශෝධනය ගෙනඒම සඳහා මූලිකත්වය ගත් පුද්ගලයෙකු බැවින් තමාගේ මූලිකත්වයෙන් ගෙනා 19 වැනි...

පාඨලී ට අධිචෝදනා පත්‍ර භාර දෙයි

0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියෙහි එම අධිචෝදනා පත්‍ර භාර දීම සිදුකර තිබේ. ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත...

රියාජ්ගේ පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කෙරේ

0

පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුන්නේය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල...

මාකදුරේ මදූෂ්ගේ වෙඩිප්‍රහාරයේ සම්පූර්ණ විස්තරය

0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ් අද (20) අලුයම සිදු වූ වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්විය. තවත් අපරාධ කල්ලි සමාජිකයින් පිරිසක් සහ පොලීසිය අතර මාලිගාවත්ත නිවාස සංකිර්ණය අසල සිදුවු වෙඩි හුවමාරුවකදි ඔහු ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය සඳහන් කළේය. මෙරට මනුෂ්‍ය ඝාතන සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබූ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් ‘මාකඳුරේ...

කොළඹ වරායේ කොවිඩ් වාර්තාව

0

කොළඹ වරායේ කිසිවෙකුටත් කොවිඩ් - 19 වසංගතය ආසාදනය වී නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා පවසයි. අද (19) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. වරාය තුළ ආයතන රැසක් පවතින බවත්, එවැනි ආයතනයක පුද්ගලයින් පිරිසකට මෙලෙස වෛරසය ආසාදනය වී ඇතැයි ද පවසන ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා, ඔවුන් සමග සම්බන්ධතාවයක් ඇති...

කාදිනල් හිමිට අපහස කළ කාන්තාව අත්අඩංගුවට

0

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පිළිබඳ සඳහන් කරමින් ආගම් අතර වෛරය ඇතිවන ආකරයට සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ දී සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පතිවරයා, “මැල්කම් කාදිනල් හිමිපාණන් ගැන සඳහන් කරමින්, විශේෂයෙන් බෞද්ධ හා කතෝලික ආගම් සහ...

මන්නාරමෙන් මත්ද්‍රව්‍ය තොගයක්

0

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේ අද (18) සිදුකළ විශේෂ මෙහෙයුමකදී  කිලෝග්‍රෑම් 200 කට අධික කේරළ ගංජා තොගයක් සොයා ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ මෙම කේරළ ගංජා තොගය මුහුදු මාර්ගයෙන් ඕලුතුඩුවායි වෙරළට ගෙනවිත් බෙදාහැරීම‍ට සූදානම් කර තිබු බවය. පොලිතීන් කවර 10 ක් තුළ පාර්සල් 94 ක් වශයෙන් කේරළ ගංජා කිලෝ 200 ග්‍රෑම් 825 ක තොගයක්...

නිරෝධායන ඇදිරිනීතිය යටතේ 5000 දීමනාව නැවතත්

0

ගම්පහ දිස්ත්‍රික්කයේ පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000සේ දීමනාව ලබා දීමට රජය සැළසුම් කර තිබේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඒ සඳහා රජය රුපියල් මිලියන 400ක් වෙන් කර ඇති බවය. එළඹෙන අඟහරුවාදා සිට අදාළ 5000සේ දීමනාව ලබා දීමට පියවර ගනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

නව CID අධ්‍යක්ෂකවරයෙක්

0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ආර්.පී.ජේ. ද අල්විස් මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස නම් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත අදාළ ස්ථානමාරු කිරීම්...