කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදුදීමට හෝ ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
“චෝදනා කරන්න දෙයක් නැහැ. අපි කාටවත් දෙන්නේත් නැහැ. විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්තීය සමිතිත් ඒක දන්නවා. අපි පැහැදිලිවම කියන්නේ අපි ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ දෙනවා කියලා. ඒ නිසා ඒක ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. වැඩ වර්ජනය කරන්න දෙයක් නැහැ. මට ඇවිත් කිව්වානම් මම ඇත්තටම පැහැදිලි කරලා දෙනවා”
ඔහු මෙම අඳහස් පල කළේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.