මේ වන විට සමාජ ජාලා මාධ්‍ය හරහා විවේචන එල්ල වෙමින් තිබෙන; තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි ඉන්ද්‍රචාපා අත්තනායකට ලබන පෙබරවාරි 1වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වෙනි ලේකම් ධූරය සඳහා පත්වීමක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදී තිබෙන බවට විවිධ මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක සඳහන් කරන්නේ, තමාගේ දියණියට ලබාදී තිබෙන තානාපති පත්වීම යහපාළන රජය සමයේ ඇයගේ සුදුසුකම් මත 2019 අප්‍රේල් 01 දින කැබිනට් අනුමැතියෙන් ලබා දුන් බවයි.

තවදුරටත් කරුණු පැහැදිළි කරමින් ඔහු සඳහන් කරන්නේ ව්‍යාපාර පරිපාළනය පිළිබඳ පශ්චාත් උපාධියක් මෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳව හදාරා සුදුසුකම් ලබා තිබෙන සිය දියණියට යහපාළන ආණ්ඩු සමයේ ලබාදුන් එම පත්වීම ජනාධිපතිවරණ නීති රීති මත කල් ගිය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here