ලෝක ධනවතුන් දෙදෙනෙකු ඔවුන්ගේ ව්‍යාපෘති දෙකක් සම්බන්ධයෙන් උණුසුම් සටනක පැටලී සිටින බව dailymail වාර්තා කරනවා.
ලෝකයේ ධනවත්ම පුද්ගලයින් දෙදෙනා මෙන්ම තාක්ෂණික දැවැන්තයින් දෙදෙනා වන එස්පේස් – එක්ස් සහ ටෙස්ලා සමාගම්වල හිමිකරු එලෝන් මස්ක් සහ ඇමසෝන් ව්‍යාපාරයේ හිමිකරු ජෙෆ් බෙසොස් අතරයි මෙලෙස උණුසුම් තත්වයක් ඇතිව තිබෙන්නේ.
අන්තර්ජාල සබඳතා පුළුල් කිරීමේ අරමුණින් මෙම ආයතනයන් දෙක වන ස්ටාර් ලින්ක් සහ ඇමසෝන් විසින් නිර්මාණය කර තිබෙන චන්ද්‍රිකා පද්ධතින් දෙක සම්බන්ධයෙන් මෙම අර්බුදය හටගෙන තිබේ.