ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර තනතුර සඳහා ජෙරොම් ජයරත්න සුදුසු පුද්ගලයෙකු බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
ඒ ජෙරොම් ජයරත්න රාජපක්ෂ පවුලට සම්බන්ධ වීම හේතුවෙන් සමාජ මාධ්‍ය හරහා ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධතාවයක් එල්ලවී තිබෙන පසුබිමකයි.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වූ අතර එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව කියා සිටියා.
ක්‍රිකට් ක්‍රීඩකයින් අපහසුතාවයට ලක් නොකොට ඔවුන් සමග ගනුදෙනු කිරීමේ හැකියාවක් ජෙරොම් ජයරත්නට ඇති බවයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ.