ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ රැසක් ගැනීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා.
“ක්‍රිකට් ක්‍රීඩාවේ තත්වය පිළිබඳව අපිත් සතුටු දායක තත්වයක නැහැ. ඒ පිළිබඳව මම ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කළා. එංගලන්ත සංචාරය යන අවස්ථාවේ ඒ පිළිබඳව සාකච්ඡා කරන එක ක්‍රීඩකයාගේ මානසිකත්වයට හොද නෑ.
ඒ හින්දා එංගලන්ත සංචාරය අවසානය අවසන් වූ වහාම ක්‍රිකට් පාලක මණ්ඩලයත් සමඟ සාකච්ඡා කරලා ඉතාමත් දැඩි තීන්දු තීරණ කිහිපයක් අපි ගන්නවා”