ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.
“ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.
“ගම සමග පිළිසඳර” ඊයේ(16) පෙරවරුවේ පැවැත් වුණේ පොළොන්නරුව, මැදිරිගිරිය, වෙඩිකච්චිය ග්‍රාමයේදී.
මෙයට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගී වුණා.
එහිදී මැදිරිගිරිය, බිසෝපුර මහවැලි ප්‍රාථමික විද්‍යාලය විවෘත කිරීමටද එක් විය.
විද්‍යාලය ඉදිකිරීමට මුලිකත්වය ගෙන කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එය විවෘත කරන ලෙස ජනාධිපතිතුමා ඇරයුම් කළේය.
මේ එම වැඩසටහනේ පසු හිටපු ජනාධිපතිවරයා තම ෆේස් බුක් ගිණුමේ තැබූ සටහන