හෙට ප.ව. 6 සිට WhatsApp භාවිත කිරීම සඳහා මුදල් ගෙවිය යුතු බවට පැතිර යන පණිවිඩ සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට මාධ්‍ය තහවුරු කරනවා.
මෙම පණිවුඩයේ අන්තර්ගත කරුණු සොයාබැලීමේදි එම කරුණු සියල්ල සාවද්‍ය බව අනාවරණය විය.
WhatsApp ආයතනය විසින් මෙවැනි කිසිඳු දැනුම්දීමක් සිදු කර නොමැති අතර අදාළ පණිවුඩයේ ඇති සියලු කරුණු සාවද්‍ය බව ඉන් තහවුරු වනවා.
ඊට අමතර තවත් පණිවිඩයක් හුවමාරු වුයේ WhatsApp වීඩියෝවක් දුරකථනය වෙත ඒවා එමගින් දුරකතනය හැක් කිරීමට ලක් කරන බව සඳහන් කරමින්.
එය BBC පුවත් සේවය උපුටා දක්වමින් පළකර තිබූ අතර BBC පුවත් සේවය විසින් එවැනි ප්‍රචාරයක් සිදු කර නොමැති බව සොයාබැලීමකදී තහවුරු වුණා.