සිසුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන උපකාරක පන්ති ලබන 25 වනදා සිට යළි ආරම්භ කිරීමට අවසර ලබානොදිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ඊයේ පාර්ලිමේන්තුවේදී සදහන් කළේ ලබන 25 වනදා සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදෙන බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියාසිටියේ සිසුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන උපකාරක පන්ති පැවැත්වීම තවදුරටත් අවදානම් බවයි.