මහනුවර, බූවැලිකඩ පස් මහල් ගොඩනැඟිල්ල කඩා වැටී ඇත්තේ භූවිද්‍යාත්මක හෝ ස්වාභාවික හේතූන්වල බලපෑමකින් නොව ඉදිකිරීමේදී ගත් වැරැදි තීන්දු හා යොදාගත් ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය නිසා බව ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් පත්කළ කමිටුව තීරණය කර තිබෙනවා.
හිටපු බස්නායක නිලමේවරයකු වන අනුර ලෙව්කේ මහතාට අයත් පස් මහල් ගොඩනැඟිල්ල කඩා වැටීමෙන් ඊට පහළින් පිහිටි නිවෙසක පදිංචිව සිටි මව, පියා හා දින පනහක් වයසැති බිලිඳා මරණයට පත්වූවා.
ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ව්‍යුහය සම්බන්ධව ගැටලු රැසක් කමිටුව මඟින් අනාවරණය කරගෙන තිබේ. ඊට ආදළ පිටු 24ක වාර්තාව කමිටු සාමාජිකයන් විසින් 06දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට භාරදී තිබෙනවා.
ගොඩනැඟිල්ල ඉදිකිරීමේදී ගත් වැරැදි තීරණ සහ යොදාගත් අමුද්‍රව්‍ය එය කඩා වැටීමට හේතුවී ඇති බැවින් ගොඩනැඟිල්ල ඉදිකළ අය සම්බන්ධයෙන් අධිකරණය මඟින් ඉදිරියේදී නීතිමය පියවර ගනු ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ පැවසුවා.
මහනුවර පොලිසිය මඟින් කමිටු වාර්තාවේ කරුණු අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ඇතැයිද හෙතෙම පැවසුවා.