මහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවලින් වාර්තා වූ සුළු භූ චලන සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යනයක් සිදු කිරීමට සඳහා පත් කළ විද්වත් කමිටු වාර්තාව අද (05) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාර දුන්නා.
ඒ අනුව වික්ටෝරියා ජලාශ වේල්ලේ සිට මීටර් 100ක් ඇතුළත හුණුගල් කැණීම් තහනම් කිරීමට නිර්දේශ ඉදිරිපත් වී තිබෙනවා.
මෙම විද්වත් කමිටුවේ නිර්දේශ මත අවශ්‍ය පියවර ගන්නා ලෙසයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා හා පතල් කාර්යංශ්යට උපදෙස් ලබා දී ඇත්තේ.
එමෙන් ම හුණුගල් කැණීම් සිදු කෙරෙන පිපිරවීම්, අනුමත කරන ලද ප්රමාණයන්ට අනුව සිදු කරන්නේ ද යන්න පිළිබඳව විමර්ශන කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.