කොළඹ – කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ඉදිකරගෙන යනු ලබන නව ගොඩනැගිල්ලක බිම් මහල ජලයෙන් යටවීම හේතුවෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඇති වූ අධික වර්ෂාවත් සමඟ බිම් මහල සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අතර, මියගොස් ඇත්තේ එහි සේවය කරමින් සිටි පුද්ගලයෙක්.

පොලිසිය ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයාගේ මළ සිරුර මහත් පරිශ්‍රමයකින් පසු අද උදෑසන සොයාගත් බවයි.

ජලයෙන් යට වූ බිම් මහලේ සිටි තවත් පුද්ගලයින් පස් දෙනෙකුද බේරා ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here