කොවිඩ් වෛරසය සඳහා තමන් ඖෂධයක් නිෂ්පාදනය කළේ යැයි පැවසන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා එම ඖෂධ නිෂ්පාදන කටයුත්තෙන් ඉවත්වන බව ප්රකාශ කල බව වරකාපොළ ප්රාදේශිය සභා මන්ත්රී පණ්ඩුකාභය රාජකරුණා පවසනවා.
තවද ධම්මික මහා තමන්ට පැවසූවේ එම ඖෂධය නිෂ්පාදන කටයුත්ත සදහා තමන්ට පුද්ගලික රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් වැය වී ඇති බවත් එවන් තත්වයක් යටතේ තමන් වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින නිසා තමන් මෙම කටයුත්තෙන් ඉවත් වන්නේ යැයි වරකාපොල ප්රාදේශී්ය සභාවේ සභාපති ඇතුළු මන්ත්රීවරුන් සමග ඔහු පවසා ඇති බවයි.
කෙසේ නමුත් තමන් ජීවත් වන ගම් ප්රදේශයේ සියළු දෙනාට එකී ඖෂධය ලබාදීම දෙන බවත් ඉන්පසුව මෙම ඖෂධය නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.