උත්සව සමය තුළ සෞඛ්‍ය අංශ , පොලීසිය , ආරක්ෂක අංශ විසින් කොවිඩ් රෝගය පැතිරීම වැලක්වීමට විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
එම අවස්ථාවන් වලදී පුද්ගලයන්ගේ තොරතුරු ලබා ගැනීමට සිදු වනු ඇති බවත් එම නිසා සෑම අවස්ථාවකදීම නම,ලිපිනය,හැදුනුම්පත් අංකය, සහිත කුඩා කොළ කැබැල්ලක් ලග තබා ගන්නා ලෙස අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
යම් කිසි පුද්ගලයෙක් වැරදි තොරතුරු ලබා දුනහොත් මෙවැනි අය අවුරුදු 5ක් බන්ධනාගාර ගත කිරීමටත් , දඩයකට යටත් කිරීමටත් අධිකරණයට හැකියාව තිබෙන බවයි ඔහු පවසන්නේ.
ඔහු මෙම අඳහස් පළ කලේ මාධ්‍ය වෙත අඳහස් දක්වමින්.