කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ මූලාරම්භය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විද්‍යාඥයන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලබන මාසයේ චීනයේ වූහාන් නුවර වෙත පිටත්ව යෑමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා.
පසුගිය දෙසැම්බරයේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ආරම්භ වූයේ චීනයේ වූහාන් නුවර වනසත්ව මස් වෙළඳපොලෙන් බව බහුතරයකගේ විශ්වාසයයි.
විශේෂයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ද චීනය කොරෝනා වෛරසයේ ආරම්භය වසන් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළා.