ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තරඟ තීරක වෙන්ඩෙල් ලැබ්රෝයි මහතා විසින් දඩ නියම කර තිබෙනවා.
ඒ, දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමග ඊයේ පැවැති එල්.පී.එල් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.
භානුක රාජක්ෂගේ නායකත්වයෙන් යුත් ගාලු කණ්ඩායමට නියමිත කාලය නිමා වන විට එක් පන්දුවාරයක් යවා නිමා කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.
ඒ අනුව සියලු ක්රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පනවා ඇති බව සදහන්.
නායක භානුක රාජපක්ෂ වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළා.