සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන්ගේ කක්ෂයන් එක පෙළට සමපාත වෙමින් එක මත එක දර්ශනය වීම හෙවත් නත්තල් තරුව දිස්වීම මේ මස 16 සිට 25 දක්වා සිදුවනවා

කෙසේ වෙතත් මෙලෙස එක මත එක දර්ශනය වූවත් මෙම ග්‍රහලෝක අතර දුර ප්‍රමාණය මිලියන 400 ක්.

එය පෘථිවිවාසීන්ට ඉතාමත් සමීපව දර්ශනය වන අතර, මෙම සංසිද්ධිය සාමාන්‍යයෙන් වසර විස්සකට වරක් සිදුවුවද මෙවර මෙතරම් සමීප ලෙස දර්ශනය වන්නේ වසර 800 කට පසුව බවයි තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ

අවසන් වරට මෙතරම් සමීපව මෙම ග්‍රහයන් එක පෙළට පැමිණ ඇත්තේ වර්ෂ 126 මාර්තු හතරවනදායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here