2020 – 2021 ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උඳුවප් පුර පසලොස්වක පොහොය දිනයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
රට පුරා පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සහ සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර ශ්‍රී පාද වන්දනා කටයුතු සිදුකිරීමට තීරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව දෙසැම්බර් 27 වනදා පස්වරුවේ යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව 28 වන දා උදෑසන ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ග 04ක් ඔස්සේ වැඩම කරවිමට නියමිතයි.
ඒ සඳහා එක් මාර්ගයකින් පුද්ගලයින් 50 දෙනෙකු බැගින් උපරිම පුද්ගලයින් 200 දෙනෙකු සහභාගී කරවීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී පාද වන්නා සමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී මෙම තීන්දු තීරණ ගෙන ඇති බව සඳහන්.