ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ පිංකැටය කඩා මුදල් සොරකම් කළ පුද්ගලයා CCTV දර්ශන මගින් හදුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.

මිට දින කිපයකට පෙර මෙම සැකකරු විසින් සමන් දේවාලයේ පිංකැටය කඩා එහි තිබු මුදල් රැගෙන පළා යමින් සිටියදි ලබාගත් එම දර්ශන අනුව අදාල පුද්ගලයාගේ ඡායරූප මේ සමග දැක්වෙනවා.

සුවහසක් බැතිමතුන් ගේ පුජෝපහාරයට ලක්වන සමන් දේවාලයේ පිංකැටය කැඩු මෙම තැනත්තා සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් රත්නපුර මුලස්ථාන පොලිසියේ පහත සදහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල 0718591385
පොලිස් පරීක්ෂක අනිල් සම්පත් – 0771124220
පොලිස් පරීක්ෂක නිශාන්ත බණ්ඩාර 0712597622

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here