මෙරට ප්‍රධාන සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් 2020 වසරේ සාගර වීරවරිය ලෙස නම් කර තිබෙනවා.
ලොව ප්‍රකට සාගර සංරක්ෂණ හා සාගර සම්පත් සුරැකුම් පිළිබඳ කතාබහ කෙරෙන ස්කුබා ඩයිවින්ග්ස් සඟරාව විසින් මෙම නම් කිරීම සිදු කර තිබෙනවා.
ලංකාවේ නිල් තල්මසුන් පිළිබඳව විශේෂ පරීක්ෂණ ගණනාවක් ඇය විසින් සිදු කර ඇති අතර එම තල්මසුන් හා ලංකාව අවට සාගර සම්පත් සුරැකීම වෙනුවෙන් විශාල මෙහෙයක් කරමින් සිටින විද්‍යාඥවරියක් ලෙස ආශා ඩි වොස් හඳුවනා දිය හැකියි.