අසනීප තත්ත්වයේ පසුවන ශානි අබේසේකර මහතාට ගල්ලෑල්ල රෝහලේ ප්රතිකාර කිරීමට පහසුකම් නැති හෙයින් වැලිකන්ද රෝහලට මාරු කරන ලෙස ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (26) ලිපියක් මගින් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියට නිර්දේශ කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව එම කොමිසම මෙලෙස නිර්දේශ කර තිබෙනවා.
කෙසේවෙතත් ඊයේ රාත්රීයේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අබේසේකර මහතා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.
හෘද රෝග විශේෂඥයින් මේ වන විට පරීක්ෂා කරමින් සිටින බව ද එම ආරංචිමාර්ග සඳහන් කරනවා.