අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්වය පිලිබඳ විශේෂ අනාවරණයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශානි අබේසේකරගේ ජීවිතය බරපතළ අර්බුදයකට ලක් කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි අද (27) පාර්ලිමේන්තුව අමතමින් පැවසුවා.

ඒ මහතාට කොරෝනා ආසාදනය වී ඇති බවත්, ඔහුට වෙනත් සෞඛ්‍යමය ප්‍රශ්න රැසක් ඇති තත්ත්වයක් පැවසු විපක්ෂනායක වරයා, ඔහුව ඈත ප්‍රදේශයක රදවා තැබීම දැඩි අවදානමක් බවත් කියා සිටියා.

එක් අතකින් බරපතල ජීවිත තර්ජන ඔහුට ඇති බව පැවසූ විපක්ෂ නායකයා වැඩිදුරටත් පවසා සිටියේ, වහාම ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට ආණ්ඩුව වගබලාගත යුතු බවයි.

එබැවින් ශානි අබේසේකරගේ ආරක්ෂාව සහතික කොට කොළඹ අයි.ඩී.එච් රෝහලට ගෙන්වා ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියා.

ශානි අබේසේකර හට හෘදයාබාද හා දියවැඩියා රෝගයෙන් පෙලෙන රෝගියෙකු බවද විපක්ෂ නායකවරයා මෙහිදී අනාවරණය කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here