ඇහැලියගොඩ ප්‍රදේශයේ පාසල් 7ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මීට හේතු වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය ඉහළ යාමයි.
සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා සඳහන් කරන්නේ පවතින තත්වය පිළිබඳව අද සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.
ඇහැලියගොඩ අධ්‍යාපන කළාපයේ සියලු පාසල් වසා තැබීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන බවයි සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කරන්නේ.
තවද ප්‍රදේශ කිහිපයක තවත් පාසල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
*මින්නේරිය ජාතික පාසලට අද පැමිණි සිසුන්ද නැවත නිවෙස් වෙත හරවා යවා තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්ය සහයක වරයෙකු කොළඹ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ ඔහුට සිදු කළ PCR පරීක්ෂණයේදී වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබීමයි.
ඒ හේතුවෙන් මින්නේරිය ජාතික පාසලේ ගුරුවරුන්ගේ පැමිණීම අවම මට්ටමක පැවති බවටයි අප වාර්තාකරු සඳහන් කළේ.
* හැටන් කුයිල්වත්ත දෙමළ විදුහලටද අද සිසුන් පැමිණ නැහැ.
ඊට හේතුව වී ඇත්තේ එම පාසලේ සිසුවෙකුට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බවට හදුනාගැනීමයි . එම සිසුවාගේ ආශ්රිත දරුවන් 19 දෙනෙකු ස්වයං නිරෝධනය කර තිබෙනවා. පාසලද විෂබීජ හරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.
*කෑගල්ල , රුවන්වැල්ල ඉඹුලාන ශ්‍රී සේන විද්‍යාලයත් තාවකාලික වසා දමා තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ එම පාසලේ සිසුවෙකුගේ මවකට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට හඳුනාගැනීමයි.