ලෝකයේ මෙතෙක් කල් කිසිදු ව්‍යසනයකින් කෙටි කාලයක් තුළ මෙවැනි මිනිසුන් ප්‍රමාණයක් මිය ගොස් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මුළු ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් 15.000 ලෙස වාර්තා වුවත් ඊට වැඩි ප්‍රමාණයක් නිසි පරීක්ෂණයක් සිදු කළ හොත් සොයා ගැනීමට අවස්ථාවක් තිබෙන බවයි.

බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයන් පිළිබඳව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර.

“ඊයේ දවසේ වාර්තා වෙච්ච ප්‍රමාණය 500 ඉක්මවනවා. මේ වන විට ලෝකයේ ලක්ෂ 12 හමාරකට වැඩිය කොවිඩ් ආසදනය නිසා මිය ගිහිල්ලා තියනවා. ලෝකයේ මෙතෙක් කල් කිසිදු ව්‍යසනයකින් යුද්ධයකින් හෝ වසංගත රෝගයකින් හෝ වෙනත් ස්වභාවික ව්‍යසනයකින් කෙටි කාලයක් තුළ , අවුරුද්දක් වැනි කාලයක් තුළ මෙච්චර මිනිස්සු ප්‍රමාණයක් මිය ගිහිල්ලා නෑ.

මේ කාරණාව තියන හින්දා තමයි අපි හැමවෙලේම කොවිඩ් ගැන කතා කරන්නේ මෙය මාරාන්තික වෛරස් රෝගයක් කියලා. ඔබ දන්නවා ඊයේ දවස වන විට කොළඹ නගර සභා සීමාව තුළ සියයට 5% දෙනෙක් අහඹු පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිත බවට හමු වුණා.

ඒ සියයට 5% දෙනාම අහඹු පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිත වීම කොළඹ නගර සීමාව බල ප්‍රදේශය තුළ යම් කිසි රෝග ආසාදනය පාලනයකින් තොරව පොකුරු මතුවීමේ අවදානමක් තියනවා. අහඹු පරීක්ෂණයකින් සියයට 5ක් කොවිඩ් ආසාදිතයන් කියන්නේ වැඩි ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ඉන්න පුළුවන්. ඒ ගණනය කරලා තියන විදිහට 30,000 ඉක්ම වූ ප්‍රමාණයක්.

මුළු ලංකාවේම 15,000ක් කියලා හිතාගෙන හිටියට ඊට වැඩිය වැඩි ප්‍රමාණයක් හරියට පරීක්ෂණ කරලා හොයන්න පටන් ගත්තොත් අපිට හම්බ වෙන්න පුළුවන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here