මේ වනවිට කොරෝනා වෛරසය ඔඩුදුවා ඇති ඉන්දියාවේ බොලිවුඩ් සිනමාවද ඇදවැටී ඇත. සිනමා ශාලා වසා දමා ඇති තත්ව හමුවේ සිනමා නිර්මාණකරණයද ඇණහිට ඇත.
අඟහරුවාදා ට්විටර් ඔස්සේ පවත්වන ලද #AskSRK සැසියේදී ෂාරුක් ඛාන්, ඔහු නැවත රිදී තිරයට පැමිණීමට යම් ඉඩක් ඇත්තේ කවදාදැයි හෙළි කළේය. කෙසේ වෙතත් මෙම බොලිවුඩ් සුපර්ස්ටාර්ගේ අවසන් නිකුතුව වූයේ සීරෝ (2018) ය.

The king of hearts ලෙස හඳුන්වන ෂාරුක් ඛාන් පසුගිය අඟහරුවාදා ට්විටර් ඔස්සේ #AskSRK සැසියක් පැවැත් වූ අතර ඔහු මයික්‍රො බ්ලොග් වේදිකාව හරහා ඔහුගේ රසිකයන් ඇසූ විවිධ ප්‍රශ්නවලට එහිදී පිළිතුරු සැපයීය.

එක් රසිකයෙක්, ඔහු නැවත රිදී තිරයට එන්නේ කවදාද යන්න එහිදී විමසන ලදි. “ ඊට ප්‍රතිචාර දක්වමින් එස්ආර්කේ කියා ඇත්තේ ඔහුට නැවත චිත්‍රපට සදහා සහභාගී වීමට අවම වශයෙන් වසරක් ගතවනු ඇති බවයි.

එය ඉන්දියාවේ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත රසිකයින්ට සුබ ආරංචියකි. වසරක් යනු දිගු කාලයක් වුවද සුපිරි තරුවගේ සිනමා ආගමනය පිළිබඳව නිසි තොරතුරක් නොතිබූ ප්‍රේක්ෂකයන්ට මේ වන විට දළ අදහසක්වත් ලැබී තිබීම සතුටුදායක පුවතක් වී තිබේ.

ෂාරුක් ඛාන් රිදී තිරයෙන් ඉවත් වී මේ වන විට වසර දෙකක පමණ කාලයක් ගත වී ඇත. ඔහුගේ අවසන් චිත්‍රපටය වන ආනන්ද් එල් රායි විසින් අධ්‍යක්ෂණය කරන ලද සීරෝ 2018 වසරේ නත්තල් දිනයේදී එළිදැක්විණි. කත්‍රිනා කයිෆ් සහ අනුෂ්කා ෂර්මා ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම ආදර විකට චිත්‍රපටය රුපියල් කෝටි 90 කට ආසන්න ඉපැයීමක් ලබා ඇත. නමුත් මෙය බොක්ස් ඔෆිස් හි සිතූ තරම් වාර්තා තැබීමට අපොහොසත් විය. එමෙන්ම සීරෝහි මෙම පරාජය හේතුවෙන් SRK සිය චිත්‍රපට තේරීම් ගැන නැවත සිතා බැලීමට සහ චිත්‍රපට වලින් මදක් ඈත්ව සිටීමට හේතු විණි යැයි බොහෝ දෙනා විශ්වාස කරයි.

කෙසේවෙතත්, මෙම සැලකිය යුතු දිගු විරාමය තුළ SRK චිත්‍රපට 20 ක් පමණ ප්‍රතික්ෂේප කර ඇතැයි සදහන් වේ. එමෙන්ම ඔහු මෙම කාලය තුළ චිත්‍රපට හතරකට අත්සන් කර ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here