ලබන 09 වන සඳුදා උදෑසන 5 වනවිට බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට කෙසේ හෝ පියවර ගන්නා ලෙස තමන් ඇතුළු කාර්ය මණ්ඩලයට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

හමුදාපතිවරයා මේ බව සදහන් කළේ අද (05) උදෑසන රුපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ යුධ හමුදාපතිවරයා මෙලෙස පැවසුවා.

“මේ දින 10ක් එක දිගට නිරෝධායන ඇඳිරිනීතිය යොදවලා බලාපොරොත්තු වුණේ වැඩිම ජන ඝනත්වයක් තියෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතරින් පුද්ගලයෙකුට මේ වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමට. මේ දින 10 තුළ කෙසේ හෝ කරගත යුතු PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වළක්වා ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව 09 වැනි සඳුදා උදෑසන 5.00වන විට බස්නාහිර පළාත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපිට උපදෙස් දුන්නා. ජනාධිපතිතුමා කිසිසේත් බලාපොරොත්තුවක් නෑ ඉන් ඉදිරියටත් මේක රැගෙන යන්න. ඒ නිසා මේ දින 10 අපි උපරීම ප්‍රයෝජනයට අරගෙන ඒ කටයුතු සිදුකරනවා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here