විවිධ වූ ස්ථානවලින් නිල නොවන තොරතුරු වලට අනුව පොකුරු නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා.

දිනකට වාර්තාවන ආසාදිතයන් ප්‍රමාණය 400-500ත් අතර සාමාන්‍ය අගයක් ගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු මෙම අදහස් පළ කළේ අද(04) උදෑසන රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින්.

ශ්‍රී ලංකාව දරුණු අවදානම් මට්ටමක පවතින බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

තවද නිදන්ගත රෝග සහිත පුද්ගලයන් රෝහල්ගතවීමට අනියත බියකින් පෙලෙන බවත් ඔහු සඳහන් කරනවා.

එම නිසා තමන්ට නිදන්ගත රෝගයක් පවතීනම් අදාළ රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here