වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පවතින පෞද්ගලික කර්මාන්ත ශාලාවක කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් වාර්තා වී ඇතැයි වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර පවසනවා.
අදාළ කර්මාන්ත ශාලාවේ සමස්ථ සේවක සංඛ්‍යාව 1000 ඉක්ම වන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ.
කර්මාන්ත ශාලාවට අදාළ මෙතෙක් කරනු ලැබූ PCR පරීක්ෂණ වලින් මෙම ආසාදිතයින් 49 දෙනා හඳුනාගෙන තිබෙනවා.