බස්නාහිර පළාතෙන් ඇඳිරිනීතියට ප්‍රථම පිටවුවන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ(29) මධ්‍යම රාත්‍රියෙන් පසු සමස්ථ බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය බලාත්මක වුණා.
මීට පෙර යුධහමුදාපතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඇඳිරිනීතිය බලාත්මක වීමට ප්‍රථම බස්නාහිර පලාතෙන් පිටත්ව නොයන ලෙසයි.
නමුත් එම උපදෙස් පිලිපැදීමකින් තොරව පුද්ගලයින් පිටව ගොස් ඇති බවත් ඔවුන් සොයා මේ වනවිට විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලීසිය සඳහන් කළා.