කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නව ස්වයං නිරෝධානය අධීක්ෂණ ක්‍රියාවලියක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව යම් ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයින් සිය නිවෙස් තුලම ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා.
ඒ අනුව යම් අයෙකු මෙලෙස ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගතහොත් ඔහු හෝ ඇය නිවෙසතුලම ස්වයං නිරෝධායනයට යොමු කෙරෙනවා.
අදාල පුද්ගලයින් නිසි අයුරින් නිරෝධායනය වන්නේ දැයි අධික්ෂණය කරන්නේ මේ අයුරින්,
* උදෑසන 6 සිට උදෑසන 11 දක්වා – අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ සෞඛ්‍ය බලධාරීන්
* උදෑසන 11 සිට සවස 4 වනතෙක් – පොලිස් බලප්‍රදේශයේ පොලිස් නිලධාරීන්
* සවස 4 සිට යලි පසුදා උදෑසන 6 වනතෙක් – අදාළ ආශ්‍රිතයාගේ නිවෙස් සීමාව තුල ඇති ඕනෑම ත්‍රිවිධ හමුදා කඳවුරක නිලධාරීන් මගින්
යම් අයෙකු මෙම ස්වයං නිරෝධායන ක්‍රියාවලිය උල්ලංඝනය කළහොත් ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී ගේ උපදෙස් මත ප්‍රධාන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීම පියවර ගනු ලබනවා.