ගාල්ල අක්මීමන ප්‍රදේශයේ 23 හැවිරිදි පුද්ගලයෙක් කොරෝනා ආසාදිත බවට පෞද්ගලික රෝහලකින් කළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.

ඔහුට කොරෝනා වෛරසය වැළදී ඇති ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැති බවයි වාර්තා වන්නේ.

විදෙස්ගත වීමට අවශ්‍ය නිසා ඊට අදාළ PCR පරීක්ෂණය පෞද්ගලික රෝහලකින් කරන ලද අවස්තාවේදී මේ බව හෙළි වී ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඔහුට කොරෝනා ආසාදිත වූ ආකාරය තවමත් ගැටළුවක් බවටත් ඔහුගේ සහෝදරයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණ ඇති බවටත් එම මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here