මෙරට වැඩි වශයෙන් PCR පරීක්ෂණ කල PCR යන්ත්‍රයක් මේ වනවිට ක්‍රියාවිරහිත වී ඇති බව හමුදාපතිවරයා සඳහන් කළා.

අද උදෑසන රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කළා.

එම යන්ත්‍රය සෑදීමට තාක්ෂණික නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් ගත් බවත් නමුත් එය සාර්ථක නොවූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

අදාළ යන්ත්‍රය දින 20ක් පමණ පැය 24 පුරාවටම භාවිත කිරීම හේතුවෙන් මෙලෙස ක්‍රියාවිරහිත වන්නට ඇති බව හමුදාපතිවරයා සඳහන් කරනවා.

මෙම යන්ත්‍රය සෑදීම සඳහා චීනයෙන් පුද්ගලයෙකු ගෙන්වා ගැනීමට අවශ්‍ය අතර මේ වනවිට එම කටයුතු රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සිදුකර බොහෝ විට හෙට දිනයේදී එම පුද්ගලයා මෙරටට පැමිණීමට නියමිත බව හමුදාපතිවරයා සඳහන් කළා.

එම පුද්ගලයා නිරෝධායනයක් යටතේ මෙම යන්ත්‍රය සෑදීම සිදුකිරීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here