කොරෝනා පාලනය කිරීම සම්බන්ධයෙන් දැනට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග වෙනස් නොකරන්නේ නම් ඉදිරි මාස දෙක තුළ අසාමාන්‍ය ඉහළ මරණ ගණනක් වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කරනවා.අද පෙරවරුවේ කොළඹ දි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු පැවසුවේ සමාජ ව්‍යප්තියක අභියසට ශ්‍රි ලංකාව පැමිණ ඇති බවයි.

එහිදි වෛද්‍ය හරිත අලුත්ගේ පල කල අදහස් මේ

“ඉතා පැහැදිලිව අපිට කියන්න පුළුවන් දේ තමයි ඉතා සංකීර්ණ තත්වයක් උදා වෙලා තියනවා. ඒ වගේම ඉතාම භයානක තත්වයක් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. සමාජ ව්‍යප්තියක අභියසට ලංකාව ඇවිල්ලා තියනවා කිව්වොත් නිවැරදි.ඉදිරි සමාජ ව්‍යප්තියක් වලක්වා ගැනීම සඳහා මේ මොහොත කළමණාකරණය කිරීම තමයි මේ මොහොතේ අපිට තියන ප්‍රධාන අභියෝගය වෙලා තියෙන්නේ.මේ දින කිහිපයක් ඇතුළත ලංකාව තුළ මරණ 3ක් වාර්තා වෙලා තියනවා. සමාජ ව්‍යප්තියක් කරා ගියොත් මේ තියන තත්වය එහෙම් පිටින්ම උඩු යටිකුරු වෙනවා.
මේ අරන් තියන ක්‍රියාමාර්ග නම් ගන්නේ රෝගය ව්‍යප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් අපිට භයානක තත්ත්වයකට තමයි යන්න වෙන්නේ. එහෙම වුනොත් අනිවාර්‍යෙන්ම අපිට ඉදිරි මාස දෙක තුළ අසාමාන්‍ය ඉහළ මරණ ගානක් වාර්තා වෙනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here