මරණ දඩුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට යොමු කිරීමට නියමිත ලිපියකට අත්සන් තැබූ බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා .
මනෝ ගනේෂන් පවසන්නේ දුමින්ද සිල්වා වසර පහක කාලයක් මේ වන විට සිර  ගෙදර ගත කර ඇති බවයි.
මෙම සිද්ධිය වන විට ඔහු බීමත්ව සිටි බවත් , තරුණ වයසේ කල මෙම වරද නිවැරදි කර ගැනිමට දුමින්ද සිල්වාට අවස්ථාවක් ලබා දිය යුතු බවත් නිවේදනයේ සදහන්.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා ලිපියකට අත්සන් ගැනිම ආණ්ඩු පක්ෂ විසින් ආරම්භ කර ඇති බවට පසුගිය දිනවල වාර්තා පළ වුනා.
මනෝ ගනේශන් නායකත්වය දරන දෙමල ප්‍රගතිශීලී සංධානයේ මන්ත්‍රීවරු 5 දෙනෙකුද එම ලිපියට අත්සන් තැබු බව එහි දැක්වුනා.
2011 පළාත් පාලන මැතිවරණ දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුලු සිව්දෙනෙකු ඝාතනය කෙරිණි.
මේ සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු සිව්දෙනෙකුට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කෙරුණු අතර, ඊට අදාළව ඉහළ අධිකරණයේ ගොනුකළ අභියාචනයෙන් ද මෙම පිරිස වරදකරුවන් කරනු ලැබූ අතර, දඬුවම ද වෙනස් නොකෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here