හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාගෙන් ඉල්ලා පෙත්සමක් අත්සන් කර තිබේ.

අඟහරුවාදා (ඔක්තෝබර් 20) පැවති රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන්ගේ අත්සන සඳහා වූ පෙත්සම රජයේ ප්‍රධාන සංවිධායක කාර්යාල කාර්ය මණ්ඩලය විසින් බෙදා හරින ලදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොපැමිණි අතර එහි සභාපතිත්වය දැරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි. “රජයේ ප්‍රධාන සංවිධායක කාර්යාල කාර්ය මණ්ඩලය පෙත්සම බෙදා හැරීම සහ කණ්ඩායම් රැස්වීමට සහභාගී වූ සියලුම මන්ත්‍රීවරුන් පාහේ ඔවුන්ගේ අත්සන් තැබීමෙන් පැහැදිලි වන්නේ මෙම අභ්‍යාසයට නිල ආශිර්වාද ඇති බවයි.

පෙත්සම ජනාධිපති රාජපක්ෂ වෙත ගිය විට දුමින්ද සිල්වා නිදහස් කිරීම ප්‍රබල සම්භාවිතාවක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයේ සිටියදී, ශ්‍රී ලංකාවේ වෙසෙන 19 හැවිරිදි ස්වීඩන් ජාතික තරුණියක් වන ඉවෝන් ජොන්සන්ගේ ඝාතකයා වූ ජූඩ් ශ්‍රමන්ත ජයමාහාට සමාව දුන්නේය.එබැවින් දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලැබීමේ සම්භාවිතාවය ඉහළයැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here