ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේ අද (18) සිදුකළ විශේෂ මෙහෙයුමකදී  කිලෝග්‍රෑම් 200 කට අධික කේරළ ගංජා තොගයක් සොයා ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ මෙම කේරළ ගංජා තොගය මුහුදු මාර්ගයෙන් ඕලුතුඩුවායි වෙරළට ගෙනවිත් බෙදාහැරීම‍ට සූදානම් කර තිබු බවය.

පොලිතීන් කවර 10 ක් තුළ පාර්සල් 94 ක් වශයෙන් කේරළ ගංජා කිලෝ 200 ග්‍රෑම් 825 ක තොගයක් අසුරා තිබී ඇත.

මෙම කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත බාර දීමට කටයුතු කර ඇති අතර, ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා නාවික හමුදාව සහ පොලීසිය සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here