2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු සකස් කර අවසන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ, කඩයිම් ලකුණු නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තිරණයක් ගෙන නොමැති බවය.

මේ වන විට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් කඩයිම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද කිරීමට සිදුව ඇති බව සම්පත් අමරතුංග මහතා පවසයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද වූ අතර ඊට සිසුන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබුණි.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් කඩයිම් ලකුණු සකස් කිරීමේ කටයුතු ප්‍රමාද වු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here