Home Corona News කොරෝනා අසාදිත තවත් පුද්ගලයෙකු පොත් ප්‍රදර්ශනයට ගොස්.

කොරෝනා අසාදිත තවත් පුද්ගලයෙකු පොත් ප්‍රදර්ශනයට ගොස්.

14
0

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කර සිටිනවා. මෙම පුද්ගලයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් වන අතර ඔහු කොල්ලුපිටියේ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධාන කාර්යාලයටද ගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මෙම පුද්ගලයා පසුගිය සැප්තැම්බර් 27 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය නැරඹීමට ද ගොස් තිබෙන බවට හෙළිවී ඇත. මෙම කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයාගේ බිරිඳ වෛද්‍යවරියක් වන අතර ඇය ප්‍රසුත නිවාඩු ලබමින් නිවසේ පසුවනවා.

මේ වන විට මෙම පුද්ගලයා ඉරණවිල ප්‍රදේශයේ පිහිටි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කොට ඇති අතර පවුලේ පිරිස් සහ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here