මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන මෙතෙක් සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව ක්‍රියානොකළ  පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, බ්‍රැන්ඩික්ස් ආයතනය ලබා දී ඇති දත්තවලට අනුව සුළු පිරිසක් පමණක් මෙතෙක් සෞඛ්‍ය අංශ වෙත වාර්තාකර නොමැති බවය.

“ඒ ලේඛන සසඳා බලන විට දැනට අඩුවක් නැහැ තවත් කිහිප දෙනෙක් පමණ ආ යුත්තේ, නමුත් සමහරවේලා වලට පදිංචිවෙලා  කොළඹින් පිට සිටින ප්‍රදේශවල පමණක් පොලිස් ස්ථාන වෙත වාර්තාකරලා තියෙනවා. මම හිතන්නේ දැනට සියලුදෙනාම වගේ පැමිණ තිබෙනවා. නමුත් කවුරු හරි කෙනෙක් ඇවිත් නැත්නම් ඒ නිරෝධායන නියෝගයට අකීකරු වෙලා තියෙනවා නම් ඒ අයට සහ ඒ අය රඳවා තබාගත් අයට විරුද්ධව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරනවා වගේම  ඔවුන් සිටි නිශ්චල හෝ චංචල දේපළ නිරෝධායන රීතීන් යටතේ තහනමට අරගෙන කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා,“ යනුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ අඟලුම් කර්මාන්ත ශාලාවෙන් වාර්තා වුණු රෝගීන්ගේ ආශ්‍රිතයින් අතරින් රෝගීන් කිහිපදෙනෙක් මේ වන විටත් වාර්තා වී ඇති බවය.

කොවිඩ් නයින්ටීන් වෛරස සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“එහෙම වාර්තා වුණ රෝගීන්ගේ ආශ්‍රිතයින්ද PCR පරීක්ෂණ සිදුකිරීම අපි ආරම්භ කරලා තියෙනවා. ඒ අතරත් යම්කිසි රෝගීන් සිටීදැයි අපි පරීක්ෂා කරනවා. සමහර විට තවමත් හඳුනානොගත් රෝගීන් මේ සමාජය තුළ ඉන්න පුළුවන් අපි සමාජයට යනවිට එවැනි රෝගීයෙක් අපිට බස් රියේ දී, දුම්රියේ දී, කාර්යාලයක දී, මඟතොටක දී  හෝ කොතැනකදී හෝ හම්බවෙන්න පුළුවන් ඉතින් එතන දී තවත් කෙනෙකුට මෙය ආසාදනය වී තවත් රෝගීයෙකු හෝ රෝගීන් පොකුරක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ආවොත් අපිට සිද්ධවෙනවා මේක නම් කරන්න කොව්ඩ් -19 රෝගය සමාජ ගතවෙලා  කියලා,“ යනුවෙන් මහතා වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here