2021-08-16 දින පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට පිළිතුරු දුන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය – මේ වෙද්දි රටේ සමහර ප්‍රදේශ වල කඩවල් වහගෙන වහගෙන යනවා ?

ජනතාවට කඩවල් වහන්න ඉස්සල්ලා කල්පනා කරන්න තිබුනේ උද්ඝෝෂණ කරනකොට ඒවාට සහයෝගය නොදී ඒවා නතර කරන්න. එතකොට ඒ අවස්ථාවේදී ජනතාව කලේ මේක ආණ්ඩුවට විරුද්ධව කරන උද්ඝෝෂණයක් කියලා , ඒකට බොහොම සහයෝගයෙන් වැඩ කටයුතු කෙරුවා. ඔය කඩවලට තිබුණේ එදා කඩ වහන්න. කඩ වහලා කියන්න තිබුණේ මේ වගේ උද්ඝෝෂණ කරන්න එපා කියලා . ඔවුන්ට තිබුණා ඒ වගේ දෙයක් කරලා මේ උද්ඝෝෂණයන්ට සහයෝගය නොදී ඉන්න. ඔවුන් ඒ දෙය එදා කෙරුවෙ නැහැ. මේ හැම දේකම යට තියෙන්නේ දේශපාලනය . මේ හදන්නේ වෙන මතයක් ගොඩනගන්න . මේ රට අක්‍රීය කරන්න. ඒක තමයි ඇත්ත තත්වය. සෞඛ්‍ය උපදෙස් වලට කටයුතු කරපු නැති කට්ටියක් තමයි මේ දෙය කරන්නේ.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය – දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 160 වඩා වැඩියි. ආණ්ඩුවේ මතය නෙවෙයි මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකක්ද?

මගේ මතය නෙමෙයි මම ආණ්ඩුවේ කෙනෙක්. මෙතනට මගේ පුද්ගලික මතය වැඩක් නැහැ මේක අපි කලින් දැනගත්තා, මේ අපරාධය වෙන්න යන්නේ කියලා. උද්ඝෝෂණ නිසා කොවිඩ් පොකුරක් හැදෙන්නන යන්නෙ කියලා. ඒ අපරාධය නවත්තන්න යනකොට කෙරුවෙ අපි දේශපාලනය වශයෙන් ඔවුන්ගේ උද්ඝෝෂණය නතර කරන්න යනවා කියන මතය ගොඩ නගපු එක. අදටත් ඔවුන් කරන්නේ ඒ දෙයම තමයි. මේක අලුත් දෙයක් නෙවෙයි. රටේ ජනතාවට අපි කියන්නේ මේ විපක්ෂයට ඕන ජනතාවගෙ මලමිනී මතින් හරි දේශපාලනය කරන්න.මේ කොවිඩ් වසංගතය විපක්ශයේ දේශපාලන් ව්‍යාපාරයක් කරගෙන.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය – අද කැබිනට් අමාත්‍යාංශ හතක් වෙනස් උනා . කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යතුමා අද සෞඛ්‍ය ඇමති . සෞඛ්‍ය අමාත්‍යාංශය මාරු කරන්න ඕන හින්ද ද අනික් අයගේ අමාත්‍යාංශත් මාරු කෙරුවේ. ?

කැබිනට් සංශෝධන ජනාධිපතිතුමාට ඕන වෙලාවක කරන්න පුළුවන්. අද රෑටත් කරන්න පුළුවන්. හෙටත් කරන්න පුළුවන්. අනිද්දත් කරන්න පුළුවන්. ඕනෙ වෙලාවක කරන්න පුළුවන් . මේක අලුත් දෙයක් නොවෙයි. ඉතිහාසය පුරාවටම මේ වගේ සිද්ධි සිද්ධ වෙලා තියනවා. ඒක වැඩිය හිතන්න දෙයක් නොවෙයි. යම් යම් සංශෝධන , රටේ ජනතාවට වඩා වැඩි හොද සේවයක් ලබා ගන්න සංශෝධන කළ යුතුයි කියලා ජනාධිපතිතුමා තීරණය කරනවා ඉතින් ඒ වෙලාවට සංශෝධන කරනවා.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය – රාත්‍රි 10 න් පසු අලුයම 4 දක්වා ඇඳිරි නීතිය දැමීම ප්‍රමාණවත්ද ?

ඇත්තෙන්ම ඇඳිරි නීතිය දාන්නත් අවශ්‍ය නැහැ මේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා නම් . ඇයි මේ අපි වහන්න විතරක් කතා කරන්නේ . අපි සෞඛ්‍ය උපදෙස් අනුව ජීවත් වෙනවා නම් අපි කාටවත් මේ ප්‍රශ්න කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඇඳිරිනීතිය සෞඛ්‍ය අංශයටත් දාන්න වෙනවනේ . මේක වැඩියෙන්ම බෝවෙන්න ඕනේ වෛද්‍යවරුන්ට හෙදියන්ටයිනේ.ඔවුන්නේ වැඩියෙන්ම මේකට සම්බන්ධ වෙන්නේ. ඔවුන් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද පාවිච්ව් කරන නිසා ඔවුන් එය වළක්වා ගන්නවා.ජනතාව කල යුත්තේත් ආරක්ෂා වීම.සෞඛ්‍ය නීති පිළිපැදීම. මාස්ක් එක නිකටෙ දාගෙන ගිහින් එහෙම නැත්තම් කනේ පැත්තක එල්ලගෙන ගිහින් කොවිඩ් හැදුණා කියලා කෑ ගහලා වැඩක් නෑ.මුලින්ම තමන් ආරක්ෂා විය යුතුයි.

මෙවැනි තත්වයක් ඇති කිරීම සම්පූර්ණයෙන්ම මේක පිටිපස්සෙ තියෙන්නෙ දේශපාලනය. කට කැඩෙනකන් කිවුවා මේක නෙවෙයි උද්ඝෝෂණය කරන්න වෙලාව කියලා.ගිහින් හැමතැනම උද්ඝෝෂණය කලා.මේ එලියට බහින වෙලාවක්ද.එදා රට වටේ උද්ඝෝෂණ කරලා දැන් තමයි සෞඛ්‍ය මතක් වෙලා තියෙන්නෙ.විපක්ෂයේ කාලකන්නි දේශපාලනඥයෝ ටිකක් තමයි ඉන්නේ මේක පිටිපස්සේ . මේ රටේ ජනතාව මැරෙන්න හරින්න බලාගෙන තමයි විපක්ෂය ඉන්නේ. දැන් විපක්ෂය චෝදනා කරනවා වහන්න කියලා . වහපුවාම ආපහු අරින්න කියලා විපක්ෂය කියනවා . මේක මේ විපක්ෂයේ චක්‍රය. වහන්න, අරින්න කියලා කියන්නේ ඔවුන්ගේ චක්‍රය. වගකීමකින් තොරව විපක්ෂය කටයුතු කිරීම ගැන අපි කනගාටු වෙනවා . මුළු ලෝකෙම ජනතාව කොවිඩ් නිසා පීඩාවෙන් නිසා ඉන්න වෙලාවක මීට වඩා වගකීමෙන් විපක්ෂය වැඩ කරනවා නම් වඩා හොඳයි කියන එකයි මම කියන්නේ . සජිත් මහත්තයාටත් දිසානායක මහත්තයාටත් අපි කියන්නේ කොවිඩ් එකත් එක්ක දේශපාලනය ගාවගන්න එපා කියලා .

මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය – පාර්ලිමේන්තු සැසිවාරය මේ මාසෙටම හෙට විතරක් ද තියෙන්නේ?

අගෝස්තු මාසෙටම හෙට විතරයි පාර්ලිමේන්තුව සැසිවාර තියෙන්නෙ

මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය – සහල් මිල සම්බන්ධයෙන් ගෙනාපු ගැසට් පත්‍රය මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවද?

දින අවසන් වන හැම ගැසට් පත්‍රයක්ම හෙට ගන්න බලාපොරොත්තු වෙනවා .

මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය – වාහන කොටස් ගෙනල්ලා එකලැස් කිරීමේ ගැසට් පත්‍රයක් තිබෙනවාද?

කිසිම එකක් අලුතෙන් ගෙනල්ල නෑ පරණ ගැසට් නිවේදන අලුත් කිරීම සඳහා ඒවා පාර්ලිමේන්තුවට ගෙන එනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here