පියුමිගේ රංගන ජීවිතයේ අලුත් වැඩ මොනවද ?

ඉරේෂ් ලොකුබණ්ඩාර සහ සඳරුවන් ජයවික්‍රමගෙ අලුත් නිර්මාණවල වැඩ කරගෙන යනවා.

 

ප්‍රහසන චරිතවලට වැඩිපුර කොටුවීම ඔයා ඔබටම කරගන්න හානියක් නෙවෙයිද ?

අපේ ක්‍ෂේත්‍රය තුළ තියෙන ව’රද’ක් තමයි ප්‍රහසන චරිතයක් කළොත් දිගටම ගන්නේ ඒ වගේ චරිතවලට. මටත් එහෙමයි. දිගින් දිගටම ප්‍රහසන චරිත ලැබෙන කොට හොඳ චරිත ලැබෙන්න තියෙන අවස්ථාව නැතිවීම හා’නි’ය’ක් තමයි. ඒත් සඳරුවන් ජයවික්‍රමගෙ ටෙලි නාට්‍යයෙ මම රඟපාන්නෙ හාස්‍යයෙන් මිදුණු චරිතයක්. එක පැත්තකින් මම හිතනවා මට කොමඩි වගේම සීරියස් චරිතත් හැකියාව ලැබීම වාසනාවක් කියලා. මොකද මට කවදාවත් වැඩ නැතිවෙලා නැහැ. දෙයියනේ කියලා වැඩ තියෙනවා.

 

කලාකරුවෙක්ට මාධ්‍ය මොනතරම් වැදගත් දෙයක්ද ?

අපි ගැන දැනගන්න කැමැති අපේ ආදරණීය රසිකයන්ට අපේ තොරතුරු දැනගන්න පුළුවන් වෙන්නෙ මාධ්‍ය නිසා. ඉතින් ඇත්තටම කලාකාරයෙක්ට මාධ්‍ය කියන්නෙ ඉතාම වැදගත් දෙයක්.

 

වර්තමානයේ සමාජ මාධ්‍ය ජාලා තුළ බොහෝ විට අසත්‍ය තොරතුරු පළවෙනවා. එවැනි දේට මුහුණදීලා තිබෙන ශිල්පිනියක් විධියට ඒ ගැන අදහස ?

සමහරු වෙබ්සයිට්, යූටියුබ් චැනල් කරන්නෙ කරන්නන් වාලේ කිසිම ප්‍රමිතියක් නැතිව. කවුරු හරි කියන පළියට ජනප්‍රිය අයගෙ කුණු හොය හොය ප්‍රචාරය කරනවා කීයක් හරි හොයා ගන්න. මාධ්‍යය කියන්නෙ හරි උතුම් රස්සාවක්. නමුත් අද වෙනකොට සමහර පහත් වෙබ්සයිට්, යූ ටියුබ් චැනල් නිසා ඒ උතුම් බව නැතිවෙලා ආටිස්ට්ලා ඉන්ටර්වීව් එකක් දෙන්න දෙවරක් හිතන තැනට පත්වෙලා.

 

පියුමි හැම අවුරුද්දකම උපන් දිනය විශේෂ විධියට සමරන කෙනෙක්. මෙවර අගෝස්තුවෙ උපන් දිනයට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ ?

මං හැම අවුරුද්දෙම මගේ උපන් දිනයට පින් අතේ දෙයක් කරපු කෙනෙක්. මේ සැරෙත් කරනවා. වෙනදාට නම් මම උපන් දිනය සැමරුවෙ විශේෂ අවශ්‍යතා තියෙන දරුවොත් එක්ක. නමුත් මේ අවුරුද්දෙ කොරෝනා තත්ත්වය එක්ක මට එයාල එක්ක උපන් දිනය සමරන්න පුළුවන්කමක් නැහැ. මගේ තාත්තිත් අසනීපයෙන් ඉන්නෙ. ඉතින් ඒ වෙනුවෙන් වගේම මගේ රටට, රටේ සියලු දෙනාට සහ මුළු ලෝකවාසීන්ටම සෙත් පතලා පත්තිනි මෑණියන්ට කිරිදානයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔයාට ජීවිතයේ ලැබුණු අමතක නොවන ආදරය කාගෙන්ද ලැබුණේ ?

රංගන ජීවිතයෙන් එහා බැලුවම මමත් සාමාන්‍ය ගැහැනියක්. අම්මා, තාත්තාගේ ආදරය මගේම කියන අයගෙ ආදරය මට ලැබිලා තියෙනවා. එතැනින් මිදුණාම මට අමතක නොවන ආදරයක් ලැබුණෙ, අදටත් ලැබෙන්නෙ මගේ රසිකයන්ගෙන්. ඒ තරම් වටින දෙයක් මට වෙන නැහැ.

 

විවාහය කියන්නෙ කාන්තාවකට අවශ්‍ය දෙයක්ද? එහෙමත් නැත්නම් අත්‍යවශ්‍ය දෙයක්ද ?

විවාහය කියන්නෙ කාන්තාවකට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. කසාද බැඳලා ඇත්තටම සතුටින් සැනසීමෙන් ඉන්න අයට වඩා කසාදය පීඩනයක් වුණ කාන්තාවන් වැඩියි කියලයි මං දැකලා තියෙන්නේ. දරුවෝ නිසා එහෙමත් නැත්නම් පවුලෙ අයට ලැ’ජ්ජ වෙයි කියලා විවාහය එල්ලගෙන යන කාන්තාවෝ අපේ සමාජයෙ ඕන තරම්.

සමහර මවුපියෝ ඉන්නවා දරුවෝ කසාද බන්දලා දීලා ප්‍ර’ශ්න දැක්කම කියන්නෙත් කසාද බැන්දනම් මොන දේ වුණත් වෙන් වෙන්න එපා කියලා. මං හිතන්නෙ නැහැ කිසිම කෙනෙක් විවාහ වෙන්නෙ වෙන් වෙන්න බලාගෙන කියලා. ඒත් ඒ ජීවිතය තුළ සැනසීමක් නැත්නම් තියෙන්නෙම පී’ඩ’න’ය’ම විතරක් නම් වෙන්වෙන එක හොඳයි. එහෙම බලද්දී මං හිතන්නෙ විවාහය කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.

කලා ජීවිතයේ සමීපතමයන් කවුද ?

නිරෝෂා විරාජිනී, ජයනි සේනානායක වගේම දර්ශන පෙරේරා (රූපලාවණ්‍ය ශිල්පී)

 

පියුමි මෙච්චර සුදු, ඉන්ජෙක්ෂන් විදගෙන නිසා කියලා සමහරු කියනවා ?

කිසිම දවසක මම ඉන්ජෙක්ෂන් එක පාවිච්චි කරලා නැහැ. එහෙම කියන අයට මං කියනවා ඒක ඔප්පු කරලා පෙන්නන්න කියලා. අනික මගේ අම්මව දකින කෙනෙක් මට ඔය දේ කියන්නෙ නැහැ. මං පුංචි කාලෙත් ගොඩක් සුදු කෙනෙක්. ඒක ලොකු වෙන කොට පාසලේ ක්‍රීඩා කටයුතුවලට ගොඩක් සහභාගි වුණ නිසා ටිකක් කළු වුණා.

මම විතරක් නෙවෙයි ඉස්කොලෙ යන කාලෙට ඕන කෙනෙක් එහෙමයි. ඊට පස්සේ ආයෙ ඉතින් මගේ තිබුණ පාට ආයෙ ඉස්මතු වෙලා තියෙනවා. මම ක්ලීන් අප් එකක් එහෙම කරලා මගේ පෙනුම රැකගන්නවා. අනික ඉන්ජෙක්ෂන් එකට සුදු වුණාම හොයන්න පුළුවන්. මට තියෙන්නෙ එහෙම කෘත්‍රිම පැහැයක් නෙවෙයි.

 

ජීවිතයෙ අමතක නොවනම අත්දැකීම් ලැබුණෙ කාගෙන්ද? ඒ මොකක්ද ?

මගේ ජීවිතයේ අමතක නොවනම අත්දැකීම තමයි මේ ඉන්න ගේ හදාගත්ත එක. පොඩි කාලෙ ඉඳලා අම්මා, තාත්තා, අයියලා තුන්දෙනා එක්ක ගෙවල් කීපෙකම කුලියට හිටියා. ඒ කාලෙ ඉඳලම මගේ තිබුණු හීනයක් තමයි ගෙයක් හදාගන්න එක. හම්බ කරන දේවල් කොහොම හරි ඉතුරු කරගෙන කැපවීමෙන් හරිම මහන්සියෙන් මං ලස්සන ගෙයක් හදාගත්තා. ඒක තමයි මං ලබපු අමතක නොවෙනම අත්දැකීම.

 

මේ වෙනකොට ආදරවන්තියක්ද ?

නැතෝ.

 

ආදරය ගැන හැඟීම ?

හිඳීවි කොතැනක හෝ හිමිකාරයා කියලා හිතාගෙන ඉන්නවා. මං ආදරය නිසා බැ’ට’කා’පු කෙනෙක්. ඒ හින්දා මං කණාමැදිරි එළියටත් බයයි. මං කැමැති ආදරයට මං හෙව්වෙත් ආදරය. ඒත් මට නොලැබුණෙත් ඒකමයි.

 

ගැහැනියක් විධියට තවත් ගැහැනියකට දෙන්න කැමැති පණිවුඩය මොකක්ද ?

ගැහැනිය කියන්නෙ පුදුම හයියක් තියෙන කෙනෙක්. මහ පොළොවට සියල්ල දරාගන්න පුළුවන් වගේම තමයි ගැහැනියටත් දරාගන්න බැරි දෙයක් නැහැ. හැම ගැහැනියක්ම එකට එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ. ඒත් ගොඩක් වෙලාවට ගැහැනියට කෙ’නෙ’හි’ලි’ක’ම් කරන්නෙත් ගැහැනියමයි. එතැනදී මං හිතන්නෙ ප්‍රතිරූපයක් නැති අය තමයි තවත් කෙනෙක්ගෙ ප්‍රතිරූපය වි’නා’ශ කරන්න හදන්නෙ. කිසිම කෙනෙක්ගෙ හව්හරණක් නැති වුණත් තමන් වෙනුවෙන් නැඟීසිටින්න ශක්තිය ගැහැනියකට තියෙනවා. මං ගැහැනියක් විධියට අනෙක් කාන්තාවන්ට කියන්නෙ තමන්ගෙ ශක්තිය හඳුනාගන්න කියලයි.

Source – Mawbima

 

May be an image of 1 person, standing and indoor

May be an image of 1 person, standing and indoor

May be an image of 1 person and standing

May be an image of 1 person, sitting and indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here