තනිකමට පාළුවට කෙනෙක් හොයාගන්නවට වඩා මට මේ දැන් ගෙවන ජීවිතේ හොදයි

සිනමා වංශකතාවේ පෙරළියන් රැසක් කල නිළි රැජින වන මාලනි ෆොන්සේකා “සැලි” සිනමාපටයේ චරිත 05ක් සඳහා රංගනයට දායක වෙමින් සිංහල සිනමාපටයක වැඩිම චරිත ප්‍රමාණයක් රගපෑ නිළිය ලෙසන් වාර්ථාවක් තැබුවා.ඉතින් දැන් අපි මේ කතා කරන්න යන්නේ “උදයන්ති කුලතුංග” කියන මාලනි මහත්මියගේ වාර්ථාව සම කල ඉතාමත් දක්ශ සුරෑපි රංගනය ශිල්පිනිය ගැනයි. පුංචි තිරයේ සම්මානනිය නිළියක් වන උදයන්තිත් මීට වසර කිහිපයකට පෙර ටෙලිනාටය ඉතිහාසය තුළ වර්ථාවක් තැබුවා.

ඒ දේවින්ද කෝන්ගහගේ අද්‍යක්ශනය කල “භව සරණ” ටෙලිනාටයේ රංගනයට දායක වෙමිනුයි.ඇය එම ටෙලිනාටයේ “සුභද්‍රා”,”සමනලි”,”මුදිතා”,”වත්සලා” සහ අවතාරයක් ලෙසද රංගනයෙන් දායක වුනා.ඉන් පසු එය ටෙලිනාටයක් ලෙස පමනක් නෙමේ සිනමාවටත් නැගුනු ජනප්‍රිය නිර්මාණයක් වුනා.ඒ වගේම ඇය ටෙලිනාටය රැසක් සදහාම රංගනයෙන් දායක වෙලා තියනවා ඇයගේ රංගන කුසලතාවන් නිසා සම්මාන ලබා ගැනිමට වගේම සම්මාන රැසක් සදහා නිර්දේශ වීමටද ඇයට අවස්ථාව ලැබුනා.

ඇය සැබෑ ජිවිතයේ දි නම් තාමත් තනිකඩ තරුණියක් ඇය ඒ ගැන කියන්නේ මේ වගේ කතාවක් තනිකමට පාළුවට කෙනෙක් හොයාගන්නවට වඩා මට මේ දැන් ගෙවන ජීවිතේ හොදයි.තනිකමක් දැනෙන්නේ නෑ හරි නිදහස් හැබැයි වෙලාවකට ඉතින් විවාහයක් කර ගන්නත් හිතිලා තියෙනවා එක එක කාලෙට මනසට එන සිතුවිලිනේ කාලයක් යද්දි ආයෙත් ඒ සිතුවිල්ල නැති වෙලා යනවා” කියලයි.

May be an image of 1 person and smiling

May be an image of 1 person

May be an image of 1 person and smiling

May be an image of 1 person and smiling

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here