කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ (A-01) පේරාදෙණිය ශික්ෂණ රෝහල ඉදිරිපිට ඉදිකර ඇති පදික යටිබ්ම් මාර්ගය (උමං මාර්ගය) (Pedstrian Under pass), දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය මගීන් ඉදිකරනු ලැබූ කපුදූව අන්තර් හුවමාරු මධ්‍ය්ථානය ජනතා අයිතියට පත් කිරිම සහ සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රටේ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නව තාක්ෂණය භාවිතා කරමින් අරලිය ගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් 02/07/2021 වන හෙට දින සිදු කෙරේ.

 

ශ්‍රි ලංකාවේ මාර්ග පද්ධතියට නව පන්නරයක් ලබා දෙමින් 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය සමග ඇරඹුන නව යුගය අද වන විට මුළු රටම යෝධ සංවර්ධනීය වැඩබිමක් බවට පත් කර ඇත. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයට කඩිනම් හා ඉතා ඵලදායී, එමෙන්ම පරිසර හිතකාමී නව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයක් ඉදිකිරිමේ අවශ්‍යතාවය මතු විය. ඒ වෙනුවෙන් ලැබුණු මහජන ඉල්ලීම්ද සැලකිල්ලට ගෙන අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ කපුදූව අන්තර් හුවමාරුව ඉදිකිරිමට සැලසුම් කල බවත් පේරාදෙණිය මහ රෝහල ඉදිරිපිට මාර්ගයේ පවතින දැඩි මාර්ග තදබදය හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන්ට හා රෝහල වෙත පැමිණෙන රෝගීන්ට පේරාදෙණිය රෝහල වෙත පහසුවෙන් ප්‍රවේශවීම සදහා රෝහල ඉදිරිපිට යටිබිම් (උමං) මාර්ගයත් ඉදිකල බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසයි.

 

මාර්ග සංවර්ධන අධිකාරිය මගීන් ඉදි කරනු ලබන වරාය පිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් වරාය පරිශ්‍රයෙන් කඩා ඉවත් කරන ගොඩනැගිලි වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත යෝජිත සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය, වරාය අධිකාරිය සතු ඉඩමක මහල් 17කින් යුක්තව ඉදිකිරිමට සැලසුම් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය මගින් ඉදිකල කපුදූව අන්තර් හුවමාරුව කොට්ටාව සිට මත්තල දක්වා වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 130වෙනි කිලෝමීටර් කණුව අසලින් ආරම්භ වේ. මෙම නව කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ඉදි කිරිම සදහා රුපියල් මිලියන 445ක් වැය කර ඇත. මෙහි ඉදිකිරිම් සදහා මාස 5ක කාලයක් ගත වී ඇත. කැතික් චීන සමාගම මගීන් මෙහි ඉදිකිරිම් කටයුතු සිදු කරන ලදී. මෙම අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ ඇති සුවිශේෂත්වය වන්නේ මෙය සකස් කිරිම සදහා අලුතින් කිසිදු ඉඩම් හෝ දේපල අත්පත් කර ගැනීමත් සිදු නොකර අධිවේගී මාර්ගයට අයත් ඉඩම් පමනක් යොදාගෙන මෙම අන්තර් හුවමාරුව ඉදි කිරිමයි. කටුනායක හා කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථවාහන වලට මෙම නව කපුදූව අන්තර් හුවමාරුවෙන් පිට වී කඹුරුපිටිය, මාතර හා හක්මන යන ප්‍රදේශ වලට පහසුවෙන් ලගා විය හැකිය. කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිට මාතර නගරයට දුර 7km වේ. කඹුරුපිටිය නගරයට ඇති දුර 10km ක්ද හක්මන නගරයට ඇති දුර 17km වේ. මෙම නගර වල ජීවත් වන කර්මාන්ත කරුවන්ට, ව්‍යාපාරිකයින්ට හා කෘෂි කර්මාන්තයේ යෙදෙන ජනතාවට ඔවුන්ගේ නිෂ්පාදන කඩිනමින් වෙළදපොළ වෙත රැගෙන ඒමට ඇති හැකියාව වර්ධනය වන අතර ප්‍රදේශයේ ඉඩම්වල වටිනාකම ඉහල යෑම, නව ව්‍යාපාරික අවස්ථා සහ ස්ථාන බිහිවීම යනාදී ආර්ථික හා සමාජ සංවර්ධනය වැඩි දියුණු මට්ටමකට පත් වේ.

 

චීන එක්සීම් (හුනාන්) බැංකු ආධාර යටතේ පේරාදෙණිය ශික්ෂණ රෝහල ඉදිරිපිට ඉදිකරන ලද යටිබිම් (උමං) මග සදහා රුපියල් මිලියන 127ක් වැය කර ඇත. මාස 12ක කාලයක් තුල මෙම යටිබිම් (උමං) මාර්ගය ඉදිකිරිම් කටයුතු අවසන් කර ඇත. මාර්ග සංවර්ධන අධිකාරියේ අධික්ෂණය හා උපදේශනය යටතේ හුනාන් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරින් ගෲප් කෝපරේෂන් කොන්ත්‍රාත් සමාගම මගීන් මෙම පේරාදෙණිය ශික්ෂණ රෝහල ඉදිරිපිට යටිබිම් (උමං) මාර්ගය ඉදිකර ඇත. මෙම යටිබිම් මාර්ගය ඉදිකල ස්ථානය අධික මාර්ග තදබදයක් පවතින ස්ථානයක් බැවින් මෙමගීන් මාර්ගයේ රථවාහන වල තදබදය, අඩු වේ. මාර්ගයේ ගමන් ගන්නා පදිකයින්ට ආරක්ෂිතව හා ඉක්මනින් මාර්ගය හරහා මාරුවීමට හැකිවීම, රෝහල වෙත රෝගීන් සමග පැමිණෙන රථවාහන සහ ගිලන් රථ වලට පහසුවෙන් සහ කඩිනමින් රෝහල වෙත ලගා වීමට හැකියාව ලැබේ. එමෙන්ම ගැටඹේ විහාරස්ථානය වෙත ජනතාවට පහසුවෙන් මෙම යටි මාර්ගය ඔස්සේ ලගා විය හැක. රෝහල අසල පදික වෙළදාමේ නිරත වෙළදුන් හට අවශ්‍ය ඉඩ පහසුකම් මෙම යටිබිම් (උමං) මාර්ගයේ තුල සපයා ඇති බැවින් මෙම ස්ථානයේ පෙර තිබූ පදික තදබදය මෙම නිසා අඩු වේ.

 

ඉදිකිරිමට යෝජිත සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය මහල් 17කින් යුක්තව චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරිම් සංස්ථාව මගීන් ඉදිකරනු ලබයි. මේ සදහා රුපියල් මිලියන 4099ක් වැය වේ. මාස 24ක් ඇතුලත මෙහි ඉදිකිරිම් කටයුතු අවසන් කිරිමට නියමිතය. ශ්‍රි ලංකා වරාය අධිකාරිය වරායේ සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහල නැංවීමට ද වරාය තුල බහාලුම් හැසිරවීමේ කටයුතු සදහා වැඩි ඉඩම් ප්‍රමානයක් ලබා ගැනීම සදහාද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්ය මණ්ඩලය සහ වරාය අශ්‍රිත අනෙකුත් සංවිධාන එකම වහලක් යට තබා ගැනීම සදහාද නවීන තාක්ෂණය සමග ඒකාබද්ධව වඩාත් ඵලදායී සේවාවක් වරාය භාවිතා කරන්නන්ට ලබා දීම සදහා කඩදාසි භාවිතයෙන් තොර මාර්ගගත කාර්යාල පද්ධතියක් වරාය අධිකාරිය සතු ඉඩමක ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත ඉදි කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here