1988 අගෝස්තු 6 වන දින උපත ලද මාධවී වත්සලා ඇන්තනි, මාධවී වත්සලා ලෙස ජනප්‍රිය වූ ඇය ශ්‍රී ලංකා සිනමාවේ රන්ගන ශිල්පිනියෙක්. ජනප්‍රිය රූපවාහිනී සංගීත ප්‍රසංගයක් වන හපන් පදුර හරහා ළමා කලාකරුවෙකු ලෙස ආරම්භ කරන ලද මාධවී ගායිකාවක්, නර්තන ශිල්පිනියක්, නිරූපිකාවක් සහ රූපවාහිනී සත්කාරකයකු ලෙස සිය වෘත්තියෙහි දස්කම් දක්වයි. ඇය අපි කවුරුත් ආදරේ කරන කලශිල්පියෙක් වන ජැක්සන් ඇන්තනිගේ දියණියයි.

සාමාන්‍යයෙන් කල පවුලකින් පවත එන කෙනෙක් වුනහම එක්කෝ උඩටම යනවා නැත්නම් හිතා මතා කපනවා, එත් මාධවී කියන්නේ “අම්මට අප්පචිට ආදරේ අය වැඩි නිසා ඇයට කැපිලි කෙටිලි ආවත් බොහොම අඩුවෙන් තමයි එදෙවල් සිද්ද වෙන්නේ. ඒ වගේම කලාව නිසාම මුණගැහුණු ඒ දෙන්න කලින්ම තීරණය කරන හිටියලු දවසක උපදින දරුවන්වත් කලාවටම පුදනවා කියල. එත් අම්ම අප්පච්චි එක්ක සමහරුන්ට තියෙන යම් යම් දේවල් නිසා සමහරු අපෙන් තමයි පලිගන්නේ, එහෙමත් වෙනවා ” කියලයි.

සජිත ඇන්තනි ඇගේ මල්ලි මේ වනකොට ඉතා ජනප්‍රියයි. මල්ලිට මිනිස්සු කියන්නේ ඔහු ජැක්සන් වගේ රගපානව කියල. ඒ වගේම ඇයට කුමාරි මුනසිංග තමන්ගේ මව වගේ කියල චෝදනා එනවලු. ඒ කොහොම උනත් ඇය කියන්නේ ඒ දෙපලගේ දරුවෝ විදියට 100% ඒ ය වගේ එයාලට කියල. මොකද හිත මත නොකලත් ඒ දේවල් ඇගෙන්ම එන නිසා කියලයි මාධවී කියන්නේ.

ඒ කොහොම වුනත් ඇය කියන්නේ කුඩා කල ජනප්‍රිය වුනහමත් ලොකු උනහම අවාසියක් තියනවා කියල. මොකද හැමෝම බලන්නේ ඔය ඔච්චර ලොකු වෙලාද කියන හැගීමෙන් නිසා. එත් ගෙදරටනම් තාමත් ඇය පුනචි කෙල්ලමලු. විශේෂයෙන් අප්පච්චිට.

May be a close-up of 1 person

May be an image of 1 person, standing and ocean

May be an image of 1 person and standing

May be a close-up of 1 person and standing

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here