මම මගේ හදවතේ තුවාල හොඳකර ගනිමින් ඉන්නවා – උමාලි තිලකරත්න

“ඉරුදිනි උමාලි තිලකරත්න” කියන්නේ ගොඩක් හොඳ අධ්‍යාපනයක් ලබපු, හොඳ යහපත් පවුලකින් එන දක්ශ රංගන ශිලිපිනියක්,ගායිකවක්, ගී පද රචිකාවියක්, හොඳ ව්‍යපාරිකාවක් වගේම හොඳ නර්තන ශිල්පිනියක්. ඇගේ විවාහය වැඩි කල් නොගොස් බිඳීයාමත් සමග ඇය ගැන සමාජ කතිකාව තවත් වැඩි වුණා.

විවහයේ දෙදරුමත් සමග නිහඩව කාලය ගත කල උමාලි මූණු පොතේ මෙහෙම සටහනක් දාලා තියනවා.

සුරංගනා කතන්දර හරිම ලස්සනයි. විශේශයෙන් ඒ තුලින් හොඳ පණිවිඩයක් කියවෙනවනම් හෝ තේරුමක් තියෙනවනම්.

ඩිස්නි කතන්දර වල ඔයාලා කවදාවත් හිතලා තියෙනවද ඇයි රාක්ශයෙක් කුමාරයෙක් බවට පත්වෙන්නෙ කියලා ?

ඇත්තටම ඒ රාක්ශයෙකුට වුනත් ආදරේ අවශ්‍ය නිසා. සුන්දරත්වය රාක්ශයෙක් වුනත් වෙනස් කරන නිසා.

කෙනෙකුට වෙනස් වෙන්න අවශ්‍ය නැති අවස්තාවක වුනත්,ඒ කණ්ඩායමක් වේවා, පුද්ගලයෙකුවේවා ඒ අය වෙනුවෙන් ඒ අයගේ වෙනස්වීමක් වෙනුවෙන් ඔබ කරන කැපකිරීම්වල තරම ගැන කවදාවත් මනින්න හිතන්න යන්න එපා.

ගොඩා අපිට රිදවීම් තුවාල වෙන්නේ අපේ බොලඳ කලෙදි. එතනින් අයින් වෙන්න. අයින් වෙලා ඒ තුවලා හොඳ කරගන්න මහන්සි ගන්න.
ඒක ලේසි නෑ, ඉවසීම තමා ඒකේ යතුර.

අවසානයේ කියන්න තියෙන්නේ ඔබ නිතරම ඔබේ අධ්‍යාත්මික සැනසීම හොයා ගන්න. ඒ වගේම ඔබ ඔබ තුල ඉන්න දරුවට අවදි වෙන්න ඉඩ දෙන්න.

මංනම් මගේ තුවාල හොඳකර ගනිමින් ඉන්නේ, ඔබ ?

– උමාලි –

 

May be an image of 1 person

May be an image of one or more people and hair

May be an image of 1 person

May be an image of 1 person and smiling

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here