නිරෝධායන නීති කඩකර කොළඹ සුපිරි හෝටලයක ඊයේ රාත්‍රී පැවති උපන්දින සාදයකට සහභාගීවූ නිරූපන උපදේශක චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා’

කොළඹ තරු පහේ හෝටලයක මෙම උපන්දින උත්සවය පවත්වා ඇත්තේ ඊයේ රාත්‍රියේදීයි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුවයි කොටුව පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

තවත් 20 ත් 25 අතර සංඛ්‍යාවක් උත්සවයට පැමිණ ඇති අතර ඉන් 12 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

ඉතිරි පිරිසද හඳුනාගැනීම සඳහා සී සී ටී වී දර්ශන උපයෝගී කරගන්නා බවයි පොලිසිය සඳහන් කලේ.

අත්අඩංගුවට ගත් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ නිරෝධායන පණත උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here