ලෝකයේ මේ වන විට කොවිඩ් වසංගතය සඳහා එන්නත් ලබා ගැනීමට තරඟයක් ඇති වෙලා තිබෙනවා .ලෝකයේ සියළු රටවල වාගේ මේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙලා තිබෙනවා .ඉහල ප්‍රමිතියෙන් උසස් එන්නත් තමයි අපි ජනතාවට ලබාදිය යුත්තේ . එමෙන්ම මේ වන කොට කිසිම එන්නතක් තමන්ගේ රටට ලබා ගැනීමට නොහැකි වූ රටවල් පනහකට අධික සංඛ්‍යාවක් තිබෙනවා . ඒ අතින් අපේ රට වාසනාවන්තයි . අතිගරු ජනාධිපතිතුමා විදේශ රටවල් සමඟ සාකච්ඡා කරලා මේ වෙද්දි අපේ රටට වර්ග තුනක එන්නත් මාත්‍රා ලබාගෙන ලබා ගෙන තිබෙනවා .මිනිස්සු මැරිල හරි තමන්ගේ දේශපාලන සිහින ළඟා කරගන්නට සිතාගෙන සිටින විපක්ෂ කල්ලියට නම් මේක බලාගෙන ඉන්න බැහැ. ඒ නිසා ඔවුන් මේකට මඩ ගහනවා .

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කලේ කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක එන්නත්කරණ ක්‍රියාවලිය සිදු වන ආකාරය සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවක 30-05-2021 වන අද දින නිරත වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා …..

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන සාර්ථක එන්නත් කරන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට විපක්ෂය අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිනවා.අපි මේ එන්නත් කරන ක්‍රියාවලිය ඉතාමත් සැලසුම් සහගතව කරන දෙයක් . වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ උපදෙස් මත තමයි මෙම ක්‍රියාවලිය ආරම්භ කළේ.මේ සම්පූර්ණ වගකීම අපි සෞඛ්‍ය සේවා බලධාරීන්ට ලබා දී තිබෙනවා. ඔවුන්ගේ නිර්දේශ මත තමයි අපි මේ කටයුත්ත සිදු කරනු ලබන්නේ .ඒ වගේම දේශපාලන අධිකාරිය, සෞඛ්‍ය අංශය, ත්‍රිවිධ හමුදාව ඇතුළු සියළුම පාර්ශව සම්බන්ධ කරගනිමින් තමා මේ කටටුත්ත සිදු කරන්නෙ.

කොවිඩ් වසංගතය පැතිර යාම අවම කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව විධිමත් යාන්ත්‍රණයක් මේ වනවිට ක්‍රියාත්මක කර අවසන්. එදා පාසැල් දරුවන්ට නිල ඇදුම් ටික වෙලාවට විධිමත් ලෙස දෙන්න බැරිවෙච්ච යහපාලන කල්ලිය අද ආණ්ඩුව විවේචනය කරනවා එන්නත්කරනය විධිමත් නෑ කියලා .

අපි මෙවෙද්දී සයිනෝෆාම්, ස්පුට්නික් ,කොවිෂීල්ඩ් යන එන්නත් ත්‍රිත්වයම මේ රටේ ජනතාව වෙනුවෙන් ලබා දෙනවා. අපේ එකම බලාපොරොත්තුව ජනතව වෙත එන්නත් ලබා දීමයි. දැන් කිසිවක් කර කියා ගත නොහැකි වූ බංකොලොත් විපක්ෂය එන්නත්කරණ ක්‍රියාවලියට මඩ ගහනවා.අපි ජනතාවට එන්නත් ලබා දුන් පසුව ඔවුන්ගේ මේ සටන් පාඨයත් දියාරු වෙලා යනවා. මේ රටට එන්නත් ලබා දීමට ප්‍රමාද වෙද්දී කියනවා එන්නත් ලබා නොදී රටේ මිනිස්සු මරන්න හදනවා කියලා. ක්‍රමානුකූල කොරෝනා ව්‍යාප්තිය වැඩි ප්‍රදේශවල සිට අඩු ප්‍රදේශ දක්වා එන්නත් කරන ක්‍රියාවලිය කරගෙන යද්දි කියනවා දේශපාලන හිතවත්කම් වලට එන්නත් ලබා දෙනවා කියලා . ඔවුන්ගේ බංකොලොත් දේශපාලනය පෙන්නුම් කරනවා ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡා වලින් .මම කියන්න කැමති අද රටේ මිනිස්සුන්ව ගොනාට අන්දවන්න බෑ කියලා.

ලෝකයේ එදා මෙදා තුර බිහි වූ දරුණුතම ත්‍රස්තවාදීයා සමග අපි යුද්දෙකට වසර 30ක් පැටලිලා සිටියා. යුද්ධ කරන කොටත් අපේ රටේ අලුතෙන් වරායවල් , ගුවන්තොටුපළවල්,අධිවේගී මාර්ග හැදුවා. ඒ වගේ අභියෝග එක්ක ගැටිලා ජයගත්ත ජාතියක් අපි. මේ කොවිඩ් වසංගතයෙනුත් අපි ජය අරගෙන අපේ රට ආර්ථික වශයෙන් දියුණු කරනවා. ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රංශය ඉතාලිය බ්‍රසීලය වගේ දියුණු රටවල් කොවිඩ් නිසා පලමු රැල්ලෙදිම දනින් වැටුණා කර කියාගන්න දෙයක් නැතිව. නමුත් අපේ රටේ එහෙම උනේ නෑ. අපි කොවිඩ් වසංගතයට පලමු රැල්ලේ සිට මේ තුන්වන රැල්ල දක්වාම සාර්ථකව ඒකට මුහුණදෙනවා.අපි අපේ ජනතාව බඩගින්නේ තැබුවේ නැහැ. ආර්ථිකය ශක්තිමත්ව තබාගෙන අපි රටේ සංවර්ධන වැඩ කටයුතුත් කෙරුවා.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ අධික වර්ෂාව මධ්‍යයේ රාජකාරී කටයුතු වල නියැලෙන වෛද්‍යවරු දෙදෙනෙක් හා හෙදියක් වෙත අමාත්‍යවරයා තමන්ගේ කුඩය අල්ලාගෙන එන්නත්කරණයේ සාර්ථකත්වය පිලිබදව සාකච්ඡා කරන ආකාරයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here