කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට සයිනොෆාම් එන්නතේ පලමු මාත්‍රාව ලබා දීම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත අද දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක විය. එම මාත්‍රාව ජනතාවට ලබා දෙන ආකාරය පිලිබදව සොයා බැලීම සදහා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දිස්ත්‍රික්කය පුරා නිරික්ෂණ චාරිකාවක 27-05-2021 වන අද දින නිරත විය .

එම නිරීක්ෂණ චාරිකාව අතරතුර මාධ්‍යයට අදහස් දැක්වූ අමාත්‍යවරයා..

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දීම සදහා මේ වන විට සයිනෝෆාම් එන්නත් 50000 ක ප්‍රමාණයක් අප වෙත ලැබී තිබෙනවා අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි සියළු දෙනාට පලමු මාත්‍රාව ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා . අපිට ලැබී තිබෙන සංඛ්‍යාලේඛන වලට අනුව මේ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි ලක්ෂ 11 ක් පමණ සිටිනවා . අපි අදියරෙන් අදියර සියලු දෙනාටම මේ එන්නත ලබා දීමට කටයුතු කරනවා.

අපි අද දවසේ බලාපොරොත්තු වෙනවා පලමු මාත්‍රාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දෙන්න. අපේ ඉලක්කයට අද අපිට යන්න බැරිවුනොත් හෙට දිනයේ අනිවාර්යෙන්ම අපි එන්නත දිස්ත්‍රික්කයේ සියලු දෙනාට ලබා දෙනවා. දේශපාලන අධිකාරිය හරහා පැයකදි පුද්ගලයින් 100 කට එන්නත ලබා දීමට දැනුම් දීලා තියෙනවා. අපි ඒසේ තීන්දු කලේ අනවශ්‍ය තෙරපීම් , පොරකෑම් අවම කිරීම සදහායි . අපි පළාත්භාර වෛද්‍ය අධ්‍යක්ෂතුමාට කතා කරලා වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කණ්ඩායම් උපරිම ප්‍රමාණයක සේවාව මේ දිස්ත්‍රික්කයට ලබා දෙන්න මේ වන විට තීන්දු තීරණ අරගෙන තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන 28ක සහ නගර සභා සීමාව තුළ එන්නත්කරණය සිද්ධ සිද්ද කරනවා. ජනතාවගෙන් මෙයට උපරිම සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ජනතාවගෙන් ඉල්ලන්නේ කිසිසේත්ම බිය වන්නට එපා කියලා. අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා එන්නත් ලබා ගැනීමට පැමිණෙන සෞඛ්‍ය අංශ ලබා දෙන ලිපි ලේඛන පිරවීමට පෑනක් රැගෙන එන්න කියලා . මීටරයක දුරින් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අකුරටම පිළිපදින ලෙස මම ජනතාවගෙන් කැරුණිකව ඉල්ලා සිටිනවා . ඉදිරියේදී තවත් නව එන්නත් ලැබීමට නියමිතව තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සාකච්ඡා කරලා මේ දේවල් අපිට ලබා දීලා තිබෙනවා. මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඔබ සැම විශ්වාසයන් යුතුව කටයුතු කරන්න. ඔබගේ උපරිම සහය සෞඛ්‍ය සේවා නිළධාරීන්ට ලබා දෙන්න කියලා .

මම සමාජ මාධ්‍ය තුල දැක්කා විල්බැරෝ අරගෙන බඩු ගන්න යනවා . මේක මේ විපක්ෂයේ බංකොලොත් කම පෙන්වන නාට්‍යක් . විපක්ෂයේ අය තමයි සංචරණ සීමා කඩන්න කියන්නේ. විපක්ෂයේ අය මේ දේවල් වලට සම්පූර්ණයෙන් වග කියන්න ඕන. විල්බැරෝ අරගෙන විහිළුවට ලක් කරන්න හදන්න විපක්ෂයේ දේශපාලඥයින්. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. අපි කියන්නේ මේ අවස්ථාවේදී දේශපාලනය කරන්න එපා කියලා. කොවිඩ් හැදෙන්නේ දේශපාලන පක්ෂ දිහා බලලා නොවෙයි. සියළු දෙනාටම පරිස්සම් නොවුන හොත් මේකට මුහුණ දෙන්න වෙනවා . ස්වභාවධර්මය විසින් මුළු ලෝකයේම ජනතාව අභියෝගයකට ලක්කරලා තියෙන මොහොතක්. එම නිසා මේ අවස්ථාව විහිළුවට ලක් කරන්නේ නැතුව බේරෙන්න කටයුතු කරන්න. අපි දැක්කා හරීන් ප්‍රනාන්දුගේ ගෝලයෙක් විල්බැරෝ එකක් තල්ලු කරන් ගිහින් බඩු ටික වාහනයකට දාලා පටවගෙන යනවා. විපක්ෂය මේ වගේ දේවල් තමයි මහජනතාවට දෙන ආදර්ශ . මේ අයුරින් ම තමයි පහුගිය අවුරුදු පහේදී ආණ්ඩුව කෙරුවේ. මිනිස්සු මැරුනම හිනාවෙවී හිටියා ආණ්ඩුවක්. අපි ඔවුන්ට කියන්නේ විහිළුවට ලක් නොකර ආදර්ශමත් ව විපක්ෂයක් හැටියට කටයුතු කරන්න කියලා.

සංචාරණ සීමා අපි ලිහිල් කරන්නේ මිනිස්සුන්ට භාණ්ඩ ගන්න අවශ්‍ය නිසා. ජංගම සේවාවන් උපරිමෙන් තිබුණත් ජනතාවගේ වෙනත් අවශ්‍යතාවන් තියෙනවා. බැංකු කටයුතු වලට ඔවුන්ට එළියට යන්න සිද්ධ වෙනවා. ආණ්ඩුව හැම දෙයක්ම බලලයි කටයුතු කරන්නේ. වාහනවලින් එන්න තහනම් කරේ ඔවුන් දුර ගමන් යනවා. ඒ වගේම පවුල් පිටින් වාහන වල එන්න ගන්නවා. අපි ඒක නිසා තමයි ළඟම තියෙන වෙළඳසැලට පවුලෙන් එක් අයෙකුට යන්න කියලා කිව්වේ. එය විහිළුවකට ලක් කරන්න එපා. ඒක රටේ ජනතාව දිහා බලලා ගත්ත තීන්දුවක්. සංචාරණ සීමා සම්පූර්ණයෙන් ලිහිල් කරානම් අපි ගත්ත ක්‍රියාවලියේ කිසිම ඵලයක් නෑ. ජනතාවගේ පැත්තෙන් තීන්දු තීරණ ගත්තම ජනතාවගේත් වගකීමක් තියෙනවා. විශේෂයෙන් විපක්ෂයට කියන්නෙ වැරදි මත අහිංසක ජනතාව අතරට යවන්න එපා කියලා.අපි විපක්ෂයට කියනා තමන්ගේ ගෝලබාලයෝ ටික හරියට හදාගන්න කියලා . අහිංසක ජනතාව උසිගන්වන්න එපා කියලා අපි විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා . අහිංසක ජනතාව බිල්ලට දෙන්න එපා . දේශපාලනඥයින්, මාධ්‍ය නිලධාරීන්, රාජ්‍ය සේවකයන්, ජනතාව මේ සියල්ලන්ගෙන්ම අපි ඉල්ලන්නේ මේ ව්‍යසනයෙන් බේරෙන්න වගකීමෙන් කටයුතු කරන්න කියලා. වගකීමෙන් තොරව විහිලුවට ලක් කරලා මේ අය බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද අහිංසක ජනතාවගේ ජීවිතයත් එක්ක මේ අය සෙල්ලම් කරනවා. අහිංසක ජනතාව මැරුණත් විපක්ෂයට ගානක් නැහැ. මම ලඟදිත් විපක්ෂයේ දේශපාලනඥයෙක් කියනවා දැක්කා කොවිඩ් කොවිඩ් කියලා හරියන්නෑ අපිට කන්න ඕන කියලා.ඒදා ඔවුන් කිව්වේ විවිධ ක්ෂේත්‍ර වල විශේෂඥයින් ලබා දෙන උපදෙස් ජනාධිපතිතුමා පිළිගන්නේ නැහැ කියලා . රට වහන්න කිවුවහම වහන් නෑ කියනවා. ජනාධිපතිතුමා කිසි දෙයක් පිළිගන්නේ නැහැ කියනවා. වහනකොට එකක් කියනවා වහන් නැති උනහම තව එකක් කියනවා. අපි දේශපාලනය ඡන්ද කාලයේදී කරමු. එන්නත් ලබාදෙන ක්‍රියාවලියට දේශපාලනය ගාවගන්න එපා. මුළු මහත් ජනතාවට ම එන්නත ලබා දෙනවා. මේ දේවල් දේශපාලනයට ඇද ගන්න එපා කියන ඉල්ලීම තමයි අපි මේ බංකොලොත් වෙච්ච ජනතාව බිල්ලට තියලා හොරකම් කරපු විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here