අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියලා කියන්නේ. අදටත් ඇය ප්‍රේක්ෂක හදවත් තුල ලැඟුම් ගෙන ඇත්තේ උපේක්ෂා ස්වර්ණමාලි කියනවාටත් වඩා පබා කියන නමින්. කාලයක් නර්තන වේදිකාවේද, ගායන වේදිකාවේද තවත් කාලයක් වෙනස් මඟක යෙදෙමින් දේශපාලන වේදිකාවේද ජනප්‍රිය චිරිතයක් වුනු ඇය අදටත් ජනප්‍රියත්වය අඩුවක් නැති දක්ෂ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. කාලෙකට පස්සේ ඇය නැවත වතාවක් රංගන කටයුතු වලින් මේ දවස් වල කාර්යබහුල වෙලයි ඉන්නේ.

ඉතින් ඒ ගැන වගේම ඇයගේ පෞද්ගලික ජීවිතේ ගැනත් ඇය මෙන්න මෙහෙමයි අපිට කිවුවේ. මේ දවස් වල ඉතින් සාමාන්‍ය පරිදි වැඩ ටික කරගෙන යනවා. හැමදෙයක්ම සමබරව සැහැල්ලුවෙන් ජීවිතේ ගත වෙනවා. කාලෙකට පස්සේ වෙනස්ම නිර්මාණයකට මම දායක වෙනවා. මීට පෙරත් මේ අධ්‍යක්ෂකවරයා මට නිර්මාණ කිහිපයකට ආරාධනා කරලා තිබුනත් මම ඒ ආරාධනාවන් ප්‍රතික්ෂේප කළා. පස්සේ ඔහුගේ මිනිගං දෑල, මහරජ ගැමුණු වැනි නිර්මාණයන් නරඹද්දී ඔහුගේ කලා කටයුතු ගැන මට පැහැදීමක් ඇති වුණා. ඉතින් මේ නිර්මාණයට මට ආරාධනා ලැබුනහම මේක භාර ගන්න මම තීරණය කලේ ඒ පැහැදීමත් එක්ක තමයි.

මට ලැබෙන ඕනෙම චරිතයකට මම සාධාරණේ ඉෂ්ට කරනවා. මම පහුගිය දවස් වල ආගන්තුකයා වගේම ඔබ නිසා කියන ටෙලිනාට්‍යවල වැඩ කලා. මේ දවස් වල අහස් මාලිගා විකාශනය වෙනවා. ඉදිරි කාලයේදීත් නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මගේ දුවට දැන් අවුරුදු හතරයි. ටිකක් ලොකු නිසාම ඉස්සරට වඩා දැන් වැඩ කරන්න පහසුයි. දරුවෙක් ඉන්නවා කියන්නෙම අනිවාර්යයෙන්ම අපි ඒ ජීවිතේට වග කියන්න ඕනේ. ඒ නිසාම තමයි අපි හුරු පුරුදු ජීවිතය දරුවෙක් ලැබුනට පස්සේ වෙනස්ම ජීවිතයක් වෙන්නේ. මව් පදවියක් ලැබුනට මදි අපි ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න වෙනාවා. දරුවෝ අපිට ගොඩක් ආදරෙයි. අපි දරුවන්ට ගොඩක් ආදරෙයි. ඒ හැඟීම වචන වලට පෙරලන්න ඇත්තටම බැරි තරම් සුන්දරයි.
විශේෂයෙන් කියන්න ඕනේ දුවගේ වෘත්තීය මන් තාම තීරණය කරලානම් නැහැ. රංගනයේ නියැලෙන්න බලාපොරොත්තු වෙනවානම් ඒ ගැන අනිවාර්යයෙන්ම හැදෑරීමක් කරන්නම ඕනේ. හරි මඟ පෙන්වීමක් තියෙන්න ඕනේ. මගේ දුවව සමාජය ගැන අවබෝධයක් ඇතිව සහ ස්වාධීන පුද්ගලයෙක් විදිහට හදන්නයි මට ඕනේ කරන්නේ කියලයි අපේ ආදරණීය රංගන ශිල්පිනිය උපේක්ෂා ස්වර්ණමාලි අවසාන වශයෙන් පවසලා තිබුනේ.

May be an image of 2 people and people smiling

Female MPs Facing Sexual Harassment - Upeksha Swarnamali | Gossip Lanka Hot  News - Sri Lanka Latest Breaking News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here