රජයේ පාලන මිලට වඩා වැඩි මිල ගණන් යටතේ මහා පරිමාණ වී මෝල් හිමියන් සහල් බෙදාහැරීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව සහල් තොග සහ සිල්ලර වෙළෙඳුන් සඳහන් කරයි.

කොළඹදී ඊයේ (13) මාධ්‍ය හමුවක් කැඳවමින් වෙළෙඳුන් සඳහන් කළේ මේ හේතුවෙන් තමන් හා පාරිභෝගිකයින් අතර ද ගැටුම් ඇති වන බවය.

“ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයින් අපිට ලබාදෙන්නේ, සම්බා කිලෝවක් රුපියල් 140කට.  නාඩු කිලෝවක් රුපියල් 106කට. සුදු, රතු රුපියල් 106කට. කීරි සම්බා කිලෝවක් රුපියල් 180කට තමයි අපිට නිකුත් කරන්නේ. ඔවුන් මිල ලෙස සඳහන් කරන්නේ රජයේ මි‍ල. පාරිභෝගිකයෝ අපෙන් අහනවා ඇයි වැඩි මිලක් ඒ අයගෙන් ගන්නේ කියලා,” යනුවෙන් සහල් ව්‍යාපාරික ප්‍රභාත් නිශාන්ත මහතා පැවසීය.

“98 ට අපිට බිල් කරනවා. ප්‍රවාහන ගාස්තු කියලා වෙනම එකතු කරනවා. ප්‍රවාහන ගාස්තු එකතු කරාම සම්බා කිලෝවක් රුපියල් 140ක් වෙනවා. පාරිභෝගික අධිකාරියත් ඇත්ත දන්නවා,” යනුවෙන් ද සහල් ව්‍යාපාරික ජගත් ජයසුරිය මහතා පැවසීය.

සහල් ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ තවත් සති දෙකක් පමණ ගතවෙද්දී කීරි සම්බා කිලෝවක් රුපියල් 200ටත් සම්බා කිලෝවක් රුපියල් 160ක් දක්වාත් මිල ඉහළ යා හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here